October, 20, 2022
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ වයවසායකයන් නැවත නඟා සිටුවීම වෙනුවෙන්, ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා වන නව ණය යෝජනා ක්‍රමයක් ආරම්භකර කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.
ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් එනම් රුපියල් මිලියන 4,900 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත.
මෙම මුදල ප්‍රධාන බැංකු 8ක් හරහා 11% ත් 12% ත් අතර අඩු පොලී අනුපාතයක් යටතේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ වයවසායකයන් වෙල ලබා දීමට කටයුතු කරන බවත්, ඔවුන්ට උපරිමය මිලියන 100 ක් දක්වා වූ කාරක ප්‍රාග්ධනයක් ඉල්ලුම් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේය.
"2022 ඔක්කෝම්බර් මාසේ 5 වෙනිදා ඉඳලා අළුත් ණය යෝජනා ක්‍රමයක් කාරක ප්‍රාග්ධන වෙනුවෙන් ආරම්භ කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන කාරක ප්‍රාග්ධනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීම සඳහා ඔවුනට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය ණය ලබා දීමටත් යොදා ගැනීමට මුදල් අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවයකට පැමිණෙන ලදි. ඒ් අනුව ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක් එනම් රුපියල් මිලියන 4900 ක් බැංකු 8 ක් වෙත ඒ ණය ලබා දීමට කටයුතු කරනවා ගරු කතානායකතුමනි. ඒ අනුව ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව කියන බැංකු 8 න් මෙම ණය මුදල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි කෘෂිකාර්මික, සංචාරක යන ක්ෂේත්‍රයන් සහ අපනයනය අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාලව නිෂ්පාදන කටයුතුවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි දැනට වෙළෙඳපොලේ පවතින පොලී අනුපාතය 20% ත් 25% ත් වනවා. මෙම ණය යොජනා ක්‍රමය යටතේ 11% ත් 12% ත් අතර අඩු පොලී අනුපාතයකට මෙම ණය යෝජනා ක්‍රමයෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ අනුව උපරිමය මිලියන 100 දක්වා කාරක ප්‍රාග්ධනයක් ඔවුන්ට ඉල්ලුම් කරන්න පුළුවන් ගරු කතානායකතුමනි."
Video Story