U.H.E සමූහය මෙවර ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන හතරකින් පිදුම් ලබයි

    January, 27, 2016

    හල්පේ තේ, ඇල්ල පිහිටි 98 Acres Resort and Spa මහනුවර, ගාල්ල හා යාල ‘The Secret Hotels’ හෝටල් දාමය යන සුවිශේෂී සන්නාම ගණනාවක් අයත් U.H.E සමූහය පසුගියදා පැවති ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන ගණනාවකට හිමිකම් කීමට සමත්විය.

    U.H.E සමූහයේ සභාපති ඒ. පී. ඞී. අබේරත්න මහතා මෙවර ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ඌව පළාත නියෝජනය කරමින් ‘2015 වසරේ ව්‍යවසායකත්ව සම්මානය’ මෙන්ම ජාතික මට්ටමේ රන් සම්මානය හිමිකරගැනීමට ද සමත් වූවේය. U.H.E සමූහයට තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් එක්කරමින් ‘2015 වසරේ තරුණ ව්‍යවසායකත්ව’ සම්මානය හිමිකරගැනීමට U.H.E සමූහයේ පරිපාලන අධ්‍යක්ෂ චාමර අබේරත්න මහතා සමත්වූවේය. ‘2015 වසරේ ව්‍යවසායකත්ව සම්මානය’ ඌව හල්පේ වත්ත එස්ටේට්ස් සමාගමට හිමිවූ අතර ‘2015 වසරේ තරුණ ව්‍යවසායකත්ව’ සම්මානය 98 Acres Resort and Spa හට හිමිවිය.

    ‘‘තේ නිෂ්පාදනයේ හා අපනයනයේ නිරත ව්‍යාපාරයක් ලෙස පවුලේ සාමාජිකයින්ගේ එකමුතුවෙන් ඇරඹුණු U.H.E සමූහය, ඌව හල්පේ වත්ත, ඌව ග‍්‍රීන්ලෑන්ඞ්ස් හා ඌව හල්පේ ප්ලාන්ටේෂන්ස් යන වතු තුන පදනම් කරගත් ව්‍යාපාරයකි. U.H.E සමූහය අද වන විට දැඩි උත්සහය හා සුවිශේෂී අභිලාෂය පෙන්නුම් කරන සංකේතයක් බවට මෙරට තුළ පත්වී ඇත. අප සමූහයේ සියලූම සේවකයින් එකම පවුලක් ලෙස කටයුතු කිරීම මෙන්ම ඔවුන් සතු දැඩි කැපවීම හා උත්සහය තුළින් මෙවැනි සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරගනිමින් මෙතරම් දුර පැමිණීමට U.H.E සමූහයට හැකිවී ඇත.’’ U.H.E සමාගම් සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා පැවසුවේය.

    ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) මගින් සංවිධානය කරනු ලබන ව්‍යවසායකත්ව සම්මාන උළෙල තුළින් මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් ගණනාවක් හදුනාගනිමින් ඔවුන්ව ඇගයීමට ලක්කෙරෙයි. ව්‍යවසායකත්ව සම්මාන උළෙල මගින් පසුගිය වසර 20 පුරා සුවිශේෂී ව්‍යාපාර ගණනාවක් ඇගයීමට ලක්කර ඔවුන්ව විශිෂ්ටත්වයට ලක්කර ඇත.

    U.H.E සමූහය පසුගිය 2015 වසරේදී ද සුවිශේෂී සම්මාන ගණනාවකින් පිදුම් ලැබීය. ජාතික අපනයන සම්මාන උළෙලේදී තේ තොග හා එක් වූ අගය මත වූ තේ තරග අංශයෙන් ‘වසරේ තේ අපනයනකරුවා’ සම්මානය දිනාගැනීමට U.H.E සමූහයට හැකිවිය. 98 Acres Resort and Spa හොංකොං හි පැවති වර්ල්ඞ් ලක්ෂරි හොටෙල් සම්මාන උළෙලේ (WLHA) දී ලොව විශිෂ්ටතම 'World Luxury Mountain Resort' සම්මානයෙන් පිදුම් ලැබුවේය. 98 Acres Resort and Spa, 'Travellers Choice Award' උළෙලේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සමත් වූ අතර සීක‍්‍රට් කැන්ඩි හෝටලය සංචාරකයින්ට මගපෙන්වන වෙබ් අඩවියක් වන TripAdvisor හි ප‍්‍රමුඛ පෙළේ හෝටල් අතරට ද එක්වී ඇත.