December, 29, 2022
ඊයේ (28) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු පරිණත කාලවල බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පදනම් අංක 3 බැගින් පහළ ගොස් තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.67% සිට 32.64% දක්වා පහළ ගොස් ඇති අතර දින 182 බිල් පත් පොලිය 32.23% සිට 32.20% ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර දින 364 බිල්පත් පොලි්‍ය ද 29.30% සිට 29.27% ක් දක්වා අඩු වී ඇත.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 171,632 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි.
ඒ අතුරින් නිකුත් කළ ප්‍රමාණයටම සමපාත වන අයුරින් රු. බිලියන 98,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්ත්මේන්තුව කටයුතු කරන ලදී.

Video Story