• Ada Derana BIZ Sinhala
  • Bill interest
  • sri lanka

බිල් පොලිය පදනම් අංක 3කින් පහළට

December, 29, 2022

ඊයේ (28) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු පරිණත කාලවල බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පදනම් අංක 3 බැගින් පහළ ගොස් තිබේ.

ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.67% සිට 32.64% දක්වා පහළ ගොස් ඇති අතර දින 182 බිල් පත් පොලිය 32.23% සිට 32.20% ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර දින 364 බිල්පත් පොලි්‍ය ද 29.30% සිට 29.27% ක් දක්වා අඩු වී ඇත.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 171,632 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි.

ඒ අතුරින් නිකුත් කළ ප්‍රමාණයටම සමපාත වන අයුරින් රු. බිලියන 98,000 ක ලංසු පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්ත්මේන්තුව කටයුතු කරන ලදී.