January, 30, 2016
මයික්‍රෝ සමාගම විසින් දේශීයව එකලස් කරන වාහන වල නිෂ්පාදකයා විසින් සපයන (Original Equipment) ටයර සඳහා සියැට් ශ්‍රී ලංකා සමාගම මෙරට නිපදවන රේඩියල් ටයර් යොදා ගැනීමට තීරණය කර ඇති අතර මෙය දේශීය ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකි.
ලංකාවේ වැඩිපුරම අලෙවිවන රේඩියල් ටයර් සන්නාමය වන සියැට් විසින් මේ වනවිට මයික්‍රෝ පැන්ඩා සහ මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් මෝටර් රථ සඳහා මෙසේ රේඩියල් ටයර් නිපදවීම ආරම්භ කර තිඛෙන අතර සියැට් ශ්‍රී ලංකා සමාගම පවසන්නේ මයික්‍රෝ සමාගම විසින් එකලස් කරන Emgrand 7 නැමති සුඛෝපභෝගී මෝටර් රථය වෙනුවෙන්ද නව ප්‍රමාණයේ ටයරයක් සැලසුම් කරමින් සිටින බවයි.
‘අති නවීන කර්මාන්ත ශාලාවක සියැට් ටයර් නිපදවන්නේ ශ්‍රී ලංකාවේ මාර්ග සහ වෙළඳ පොළ තත්ත්වයන්ට ගැලපෙන පරිදියි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, විජේ ගාම්භීරේ මහතා සඳහන් කළේය. “මෙම ටයර් ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා කරනවා වගේම වෙළඳ පොළවල් 25 ක් වෙත අපනයනය කරනවා. මීට අමතරව, ධාවන තරග වලදීත් ඉහළ කාර්ය සාධනයක් පෙන්වා තිඛෙන සියැට් රේඩියල් ටයර් වාහන නිෂ්පාදකයා විසින් සපයන ටයර ලෙස යෙදවීමට කදිමට ගැලපෙනවා“.
ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය මෝටර් රථයක් වන මයික්‍රෝ පැන්ඩා රථ සඳහා සියැට් මයිලේස් 165/60 R 14 රේඩියල් ටයර් නිපදවා තිඛෙන අතර මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් රථ සඳහා ගැලපෙන්නේ සියැට් මයිලේස් 185/55 R 15 රේඩියල් ටයරයයි. මෙම ටයර දෙකම අඩුවෙන් ශබ්දය පිටවන (LN) කාණ්ඩයට අයත් වන අතර එහි නවතම කට්ට රටාව මගින් මතුවන ශබ්දය අඩුකර ඇත. මීට අමතරව, මෙම ටයර් සඳහා යොදාගෙන තිඛෙන සිලිකා පදනම් කරගත් විශේෂ සංයෝගය සහ එහි නිමාව තුළින් තෙතමනය සහිත පරිසරයකදී වුවද ඉහළ කාර්ය සාධනයක් පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබේ. පාරිභෝගිකයින් ටයරයක් තුළින් බලාපොරොත්තු වන ප්‍රධානම අරමුණ වන වැඩි දුරක් ධාවනය කිරීමේ ගුණාංගයෙන් මෙම රේඩියල් ටයර් නිමවා තිබේ.
මයික්‍රෝ සමාගම විසින් එකලස් කරන සුඛෝපභෝගී Emgrand 7 මෝටර් රථය වෙනුවෙන්ද සියැට් ශ්‍රී ලංකා සමාගම විසින් 205/65 R 15 ප්‍රමාණයෙන් කාර්ය සාධනයෙන් ඉහළ රේඩියල් ටයරයක් නිෂ්පාදනය කරමින් සිටී. මේ වනවිටත් මයික්‍රෝ සමාගමේ MPV3 වෑන් රථ සඳහා සියැට් මයිලේස් 165/70 R 14 ප්‍රමාණයේ ටයර භාවිතා කරනු ලැබේ.
“අපගේ එකලස් කිරීමේ ක්‍රියාවලියේ වැදගත්ම කාරණයක් වන්නේ එම මෝටර් රථ වලට දේශීය වශයෙන් සැලකිය යුතු අගය එකතු කිරීමයි“, යනුවෙන් මයික්‍රෝ හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සේනානි පෙරේරා මහතා සඳහන් කළේය. “සියැට් රේඩියල් ටයර්වල තිඛෙන ඉහළ ගුණාත්මක තත්ත්වය සහ කාර්ය සාධනය පිළිබඳව අප ඉතාමත් තෘප්තිමත් වන අතර අපගේ නිෂ්පාදනාගාරයෙන් පිටවන වාහන සඳහා ටයර් සපයන්නෙකු ලෙස සියැට් ශ්‍රී ලංකා සමාගම එක්වීම පිළිබඳව සතුටු වෙනවා“.
සියැට් කැළණි හෝල්ඩින්ග්ස් විසින් මේ වනවිට ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කර සපයන අතර රේඩියල්, වාණිජ, ත්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික අංශයේ අවශ්‍යතාවයන් සඳහා සමාගම විසින් ටයර් නිෂ්පාදනය කරයි. රේඩියල් ටයර් අංශය වෙනුවෙන් සමාගම විසින් දේශීය වෙළඳ පොළට ටයර් ප්‍රමාණ 33 ක් හඳුන්වා දී තිඛෙන අතර මින් 20 ක් මෝටර් රථ සඳහාත් 08 ක් වෑන් රථ සඳහාත් 05 ක් SUV වාහන සඳහාත් හඳුන්වා දී තිබේ. මීට අමතරව, බර සහ කාර්මික සේවා අවශ්‍යතාවයන් සඳහා සමාගම විසින් ප්‍රමාණ 06 කින් යුතු දේශීයව නිපදවූ විශේෂ ටයර් මාලාවක් එළිදක්වා ඇත.
ඡායාරූපය - (වමේ සිට) මයික්‍රෝ හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ අලෙවිකරණ අධ්‍යක්ෂක රවින්දු ගුණවර්ධන සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, සේනානි පෙරේරා, සියැට් ශ්‍රී ලංකා හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි ශිවාන් ජයසූරිය සමඟ මයික්‍රෝ ප්‍රධාන කාර්යාලයෙහිදී
Video Story