January, 31, 2016
මෙරට මෝටර් රථ රසිකයන් පුල පුලා බලාසිටි ෆෝඩ් මස්ටෑන්ග් රථ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන්වීමට Cars@Duplication සමාගම මේ වනවිට කටයුතු යොදා ඇත. අනතර්ජාලය හරහා ඒවාට සුවිශේෂී ප්‍රචාරණය ලබාදෙනු ලබන්නේ carmudi.lk මගිනි. මේ අනුව ඉදිරියේදී ෆෝඩ් මස්ටෑන්ග් රථ 1,000 කින් යුත් සීමිත කාණ්ඩයකින් රථ 6 ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
“ලොව ජනප්‍රියතම, නවීනතම සහ දියුණුතම රථවාහන ලංකාවට ගෙන ඒම අපේ උත්සාහයයි. තවමත් අපේ රටට American Muscle Cars වර්ගයේ වාහන එතරම් පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අලූත් පියවරක් පෙරට තබමින් එම වර්ගයේ වාහන ආනයනය කරන්නට අප තීරණය කළා.“
“අප බොහෝ දෙනෙක් කුඩා කාලයේ පටන් ෆෝඩ් මස්ටෑන්ග් රථවල පින්තූර අපේ බිත්තිවල අලවාගෙන සිටි බව රහසක් නොවෙයි. එය ලොව මෝටර් රථ ක්ෂේත්රයේ සුවිශේෂීම වෙළඳ නාම අතරින් එකක්. ඒ නිසා එම රථ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ඉදිරියේදී අපගේ ප්‍රදර්ශනාගාරයේ වගේම carmudi.lk මගින් අන්තර්ජාලය හරහාත් ඒවා ප්‍රදර්ශනය කිරීමට ලැබීම අපට විශාල සතුටක්.“ Cars@Duplication හි කළමනාකාර අධ්යක්ෂ රුක්ෂාන් තිසේරා මහතා පැවසී ය.
American Muscle Cars වර්ගයේ මෝටර් රථ යනු සුපිරි බලයේ සහ ඉහළ ක්රියාකාරීත්වයේ සංකේතයකි. ඒවා ශ්‍රී ලංකාවේ වෙළඳපොළට රැගෙන ඒමට හැකිවීම මෙරට මෝටර් රථ අලෙවි ක්ෂේත්රය ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක. 2015 වසර වනතුරුම මේ රථ නිෂ්පාදනය කෙරුණු ‘වමෙන් පැදවෙන රථ‘ ලෙස පමණි. කෙසේ වුවද ලොව පුරා වෙසෙන මෝටර් රථ ලෝලීන්ට ෆෝඩ් මස්ටෑන්ග් රථ හිමිකරගැනීමේ අවස්ථාව සීමිතව හෝ ලබාදීමේ අරමු‚න් දකුණින් පැදවෙන ෆෝඩ් මස්ටෑන්ග් රථ 1,000 ක් නිපදවීමට ඇමරිකාවේ ෆෝඩ් සමාගම තීරණය කළේ ය.
මෙසේ නිෂ්පාදනය වන රථ අතුරින් පළමු රථ 500 හිමිකරගැනීම සඳහා යුරෝපීය රටවලින් ඇණවුම් 9,300 ක් පමණ ඉදිරිපත් වීම, මෙම රථයේ ජනප්‍රියත්වයට මනා සාක්ෂියකි. මේ අනුව බලන කල ෆෝඩ් මස්ටෑන්ග් රථ 6 ක් මෙරටට ලබාගැනීමට Cars@Duplication සමත් වීම ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙම රථ Fastback Coupe සහ Soft top convertible ලෙස මාදිලි දෙකකින් මෙන්ම 5 litre V8 එන්ජිම සහ 2.3 litre Eco-boost යන එන්ජින් වර්ග දෙක සහිතව පැමිණෙනු ඇත. එමෙන්ම පාරිභෝගිකයන්ට වර්ණ 8 කින් කැමති වර්ණයක් තෝරාගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි.
මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීහු විවධ රටවල නිෂ්ාදිත කාර් වර්ග තම රුචියට අනුව වෙනස්කම් සිදුකර, ඒවායේ බලය වැඩිකරගෙන භාවිතා කරති. එහෙත් ප්‍රථම වතාවට American Muscle Cars වර්ගයේ මෝටර් මෙරටට පැමිණීම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නො අනුමාන ය.
මෙම කටයුත්ත සඳහා carmudi.lk සමග අත්වැල් බැඳගනීමට Cars@Duplication තීරණය කිරීම ගැන අදහස් දක්වමින් රුක්ෂාන් තිසේරා මහතා පැවසුවේ තාක්ෂණය සහ අන්තර්ජාල අවකාශය සම්බන්ධයෙන් සිය සමාගම සතු ප්‍රවේශය carmudi.lk හි ප්‍රවේශයට ඛෙහෙවින් සමාන බවයි.
“තරගකරුවන් අතර පැහැදිලි ලෙස කැපීපෙනීමට carmudi.lk මේ වනවිට සමත් වී තිඛෙනවා. ඔවුන්ට ඛෙහෙවින් සාර්ථක අනාගතයක් හිමි බව පැහැදිලියි. එය පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහණතක් සහිත, විශේෂ අංග රැසකින් යුත් වෙබ් අඩවියක්. ඒ නිසා එය ඉදිරියේදී තවතවත් ජනප්‍රිය වනු ඇති බවට සැකයක් නැහැ.
“අපිත් හැමවිටම තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල අලෙවිකරණය වැනි අංග අපගේ ව්‍යාපාර කටයුතුවලට එක්කරගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහය සාර්ථක කරගැනීමට carmudi.lk අපට විශාල සහයක් වනු ඇති බව අපේ විශ්වාසයයි.“ තිසේරා මහතා පැවසී ය.
වැඩිදුර විස්තර සඳහා Cars@Duplication ෆෙස්බුක් පිටුවට හෝ www.carmudi.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
Video Story