February, 3, 2016
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් තවත් වසරක් සඳහා සිය නවතම වසන්ත විලාසිතා එකතුව එළිදක්වා තිඛෙන අතර සිත් ඇඳ බැඳ ගන්නා මනස්කාන්ත වර්ණ රටා වලින් හා විලාසිතා වලින් මෙම ඇඳුම් එකතුව පොහොසත් වේ.
පෙබරවාරි 01 වනදා නිළ වශයෙන් එළිදැක්වූ මෙම විලාසිතා එකතුව සඳහා තේමාව වන්නේ Wanderlust යන්නයි. ජාත්‍යන්තර තත්ත්වයේ විවිධත්වයකින් යුතු මෙම විලාසිතා එකතුව විවිධ හැඩයන්ගෙන් පොහොසත් වන අතර පාරිභෝගිකයින්ගේ විවිධ වූ සිතැඟි පිනවන ලෙස නිර්මාණය කර තිබීම කැපී පෙනේ.
වික්‍රමාන්විත බවේ ජීව ගුණයත්, සංචාරය කිරීමේ ආශාවත්, සංස්කෘතිකමය ගවේෂණයත් අලූත් ඉසව්කරා ඇදීයාමේ උනන්දුවත් ඉස්මතුකරන මෙම විලාසිතා එකතුව මගින් පාරිභෝගිකයින් ගෝලීය තත්ත්වයේ විලාසිතා වලින් ප්‍රීතිමත් කරමින් ඔවුන්ට ආත්ම විශ්වාසයක් ලබාදීමට නිසැකවම සමත් වනු ඇත.
මෙම නව විලාසිතා එකතුව සඳහා යොදාගෙන තිඛෙන රෙදි සහ විලාසිතා මුද්‍රණයන් සඳහා විවිධ පබළු වර්ග, ක්‍රොචේ ඛෙල්ට්ස්, කපු රේන්ද, ඉන්දුනීසියානු සැරසිලි තාක්ෂණයක් වන ඉකට්, සම් වර්ග, රතු ඉන්දියානු බ්ලැන්කට් රටා, වාටි, ක්‍රේප්, ෂිෆොන්, සහ ගොතන ලද නිර්මාණ යොදාගෙන තිබේ.
අතින් කරන ලද මල් එම්බ්‍රොයිඩර් විලාසිතා, සංකීර්ණ ලෙස සායම් කරන ලද රෙදිපිළි සහ තද වර්ණ රටා මුද්‍රණ මෙම නව විලාසිතා එකතුවට ඇතුළත් වේ. මීට අමතරව, ඇතැම් විට ඒක වර්ණ රටාවන් සමඟ මනාව වර්ණ මිශ්‍රවී තිඛෙන අතර ඉතාමත් සිත්ගන්නා සුළු එම්බ්‍රොයිඩර් විලාසිතා මාලාවක්ද මේ අතර තිබේ.
මෙම විලාසිතා පෙළ පොහොසත් වන පුළුල් වර්ණාවලියට රතු, තැඹිලි, දුඹුරු, කොළ, නිල් සහ සුදු මූලික වර්ණ ලෙස ඇතුළත් වන අතර මෙරූන්, නිල්මිණි, තැඹිලි සහ කහ යන වර්ණ රටාවන් විලාසිතා පෙළට මුසුවී ඇත. මේ තුළින් විලාසිතා ලෝලී ඕනෑම අයෙකුව ඇඳ බැඳ ගන්නා පරිදි ඔඩෙල් Spring 2016 විලාසිතා එකතුව ජීව ගුණයෙන් පොහොසත්ව නිර්මාණය වී තිබේ.
“අපගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන්නේ ඉතාමත් නව රැල්ලේ විලාසිතා අපි වෙතින් මිලදී ගැනීමටයි. ඔඩෙල් Wanderlust විලාසිතා එකතුව මගින් පාරිභෝගිකයින්ගේ එම බලාපොරොත්තු ඉටුකර තිඛෙනවා,“ යනුවෙන් මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලයේ හිමිකාරීත්වය දරණ සොෆ්ට්ලොජික් සමූහයේ අලෙවිකරණ අධ්යක්ෂ, ඩෙසිරේ කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. “මෙය ඔඩෙල් පාරිභෝගිකයින්ට විලාසිතා පිරුණු 2016 වසරට ඉතාමත් උණුසුම්, සජීවී මෙන්ම පරිපූර්ණ වූ ආරම්භයක්.“
සේයාරුවෙන් දැක්වෙන්නේ ඔඩෙල් Spring 2016 එකතුව යටතේ එළිදක්වා තිඛෙන විලාසිතා කිහිපයක් සහ කොළඹ 07, ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ ඔඩෙල් ප්‍රධාන අලෙවි සැලේ එම එකතුව ප්‍රදර්ශනය කර තිඛෙන ආකාරයයි.
Video Story