February, 4, 2016
2015 වසරේ උසස් පෙළ ඉහළින්ම සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 21 දෙනෙකුට සිංගර් XSeries ලැප්ටොප් 21 ක් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා පිරිනැමිණ. මෙම ලැප්ටොප් පිරිනැමීමේ අවස්ථාව පසුගියදා පැවති අතර මෙහිදී දිවයිනේ ඉහළ දක්ෂතා දැක්වු සිසුන් වෙත මෙම පරිගණක ප්‍රදානය කෙරිණ. මෙම අවස්ථාවට සිංගර් ශ්‍රීලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පිරීස් මහතා, මුල්‍ය අධ්‍යක්ෂ ලලිත් යටිවැල්ල මහතා , මානව සම්පත් අධ්‍යක්ෂ නේමින්ද කරුණාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් රැසක් එක්ව සිටියහ.
මෙරට අධ්‍යාපනයේ දියුණුව සඳහා සිංගර් විසින් සුවිශේෂි මෙහෙවරක් සිදුකරමින් සිටින අතර මෙරට දරු දැරියන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වනවිට ලබා දී ඇති දිරි බලය අති මහත් ය.
මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ 2011 වසරේ සිට සිංගර් ශ්‍රී ලංකා පාසැල් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. එම ව්‍යාපෘති වල සාර්ථක ප්‍රතිඵල සිසු සිසුවියන් විසින් මේ වනවිට අත් විඳිමින් සිටින බවත් ඒ අනුව අනාගත පරපුර නවීන තාක්ෂණික දැනුම සහ අවබෝධය අතින් පරිපුර්ණ වනු ඇති බවටද හෙතෙම විශ්වාසය පල කරයි.
දිවයිනේ ඉහළින්ම උසස් පෙළ සමත් වු සිසුන්ට පිරිනමන ලද සිංගර් XSeries අති නවීන 6th Generation ලැප්ටොප් පරිගණක Intel Core i3 ප්‍රොසෙසරයකින් යුක්ත වන අතර එය Windows 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වෙයි. තවද 4 GB RAM, 500 GB Hard Disk, 15.6” HD display, wi-fi සහ bluetooth පහසුකම් වලින් ද මෙම ලැප්ටොප් පරිගණකය සමන්විත වෙයි. 3D/2D Graphic Accelerator පහසුකම් සහිත සිංගර් XSeries ලැප්ටොප් බලශක්තිය පිරිමසින සැහැල්ලු බරින් අඩු පරිගණකයකි.
ඉහත පහසුකම් පාසැල් සිසු දරු දැරියන්ට අත්‍යවශ්‍ය වන අතර දේශිය විෂය මාලවට අයත් වන තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමේ දී අතිශය ප්‍රයෝජනවත් වෙයි. සිංගර් ශ්‍රී ලංකා හි පාසැල් සංවර්ධන ව්‍යාපෘති අතර කැපී පෙනෙන ව්‍යාපෘතියක් වුයේ 2011 දී ක්‍රියාත්මක කළ පාසැල් 160 ක් සඳහා මුල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතියයි. මෙය 2011 වසරට යෙදී තිබු සිංගර් 160 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරිණ. සිංගර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව පාසැල් සඳහා ආධාර උපකාර ලබාදීම සිදුකරන අතර මෙරට අධ්‍යාපනික උන්නතිය උදෙසා වසරකට රුපියල් මිලියන 10 කට අධික පිරිවැයක් ඒ සඳහා දරනු ලබයි.
Video Story