February, 5, 2016
නවීන ගොඩනැගිලි සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය තවදුරටත් පිළිබිඹු කරමින් JAT Holdings සමාගම වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ (CIOB) හරිත නාම තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අනුව, හරිත නාම තුනක් හිමිකර ගත් මෙරට එකම සමාගම JAT Holdingsසමාගමයි. "මිහිකත පළමුව" යන උත්තම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාවට නංවමින්, සිය ළෙන්ගතු පාරිභෝගික ජනතාව ද තිරසාරත්වය වෙනුවෙන් දායක කර ගන්නා සමාගමක් ලෙස JAT සතු කීර්ති නාමය මෙමගින් තවදුරටත් තහවුරු විය.
වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ හරිත සම්මානය, සිංගප්පූරුවේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් අධිකාරිය, නෙදර්ලන්තයේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් පර්යේෂණ හා නව්‍යකරණ මණ්ඩලය, සිංගප්පූරුවේ හරිත ගොඩනැගිලි මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල පිළිගැනීමට ලක්ව ඇත. මෙහි අරමුණ පරිසර හිතකාමී අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රය නංවාලීමයි.
මෙම සංකල්පය ඉදිරියට පවත්වා ගැනීම වෙනුවෙන් JAT සමාගම පෙන්නුම් කරන කැපවීම අගයනු වස් වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය විසින් තීන්ත සහ ආලේපන ඛාණ්ඩය යටතේ JAT Permoglaze Exterior Emulsion සහ Permoglaze Interior Emulsion සඳහා රන් සම්මාන දෙකක් ද, Permoglaze Water Base එනමල් සඳහා රිදී සම්මානය ද පිරිනමන ලදි.
ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් සන්නාම දිවයින පුරා ප්‍රවර්ධනය කරන අතරතුර, නවීන තාක්ෂණයෙන් අනූන සිය පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාරය තුළින් නවතම නිෂ්පාදන අත්හදා බැලීමට ද JAT සමාගම නිබඳව කටයුතු කරයි. නවෝත්පාදනය සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව අධීක්ෂණ කටයුතු සිදු කරන JAT සමාගම, හරිත වටපිටාවක් ගොඩනැගීමේ විශ්වීය ඉලක්කය උදෙසා ද සිය නොමඳ දායකත්වය ලබා දෙයි.
කාර්මික හා ගෘහ අලංකරණ ඉමල්ෂන්, බාහිර බිත්ති තීන්ත ආලේපන සහ එනමල්, නඩත්තු අමුද්‍රව්‍ය, පොටි සහ හුණු බදාම, ඛනිජ කෙඳි හෝ වානේ සීලිම්, දැව බිම් සැකසුම් සහ තට්ටු සැකසුම්, කාර්යාල ආසන සහ මේස විසඳුම්, බුමුතුරුණු එළීම, වැලි කඩදාසි සහ තීන්ත බුරුසු JAT Holdings නිෂ්පාදන පෙළ අතර වෙයි.
1993 වසරේදී සිය නාමය වෙළඳපල තුළ සනිටුහන් කරමින් JAT සමාගම, එදා-මෙදා තුර මෙරට ගෘහභාණ්ඩ සහ දැවනිමා සම්ප්‍රදාය නැවුම් මගකට ගෙන එමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැඳෙන්නට සමත්ව සිටී. ඉතාලියේ Sayerlackදැව නිමවුම් නිෂ්පාදන, එක්සත් රාජධානියේ අලංකරණ ඉමල්ෂන් සහ වෙදර් කොට් තීන්ත සහ ඇමරිකාවේ Herman Miller Seating වැනි ලොව කීර්තිමත් සන්නාම රැසක් නියෝජනය කරන JAT Holdings සමාගම, දියුණුවෙන් දියුණුව කරා ගමන් කරමින් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දහය අතර රැඳෙයි.
Video Story