March, 1, 2023
2023 අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම 2023 මාර්තු 03 වන සිකුරාදා පස්වරු 4.30 ට සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
මීට පෙර මහ බැංකුව නිවේදනය කර තිබුණේ මෙම දැනුම් දීම හෙට (02) පෙරවරු 7.30 ට සිදුකරනු ලබන බවයි.
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.
Video Story