බැංකු කිහිපයකින්ම විශේෂ දැනුම් දීමක්

    March, 1, 2023

    අද (01) දින සිය ශාඛාවන් හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බවත්, එබැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙසත් සඳහන් කරමින් මෙරට වානිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර ඇත.

    අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.