March, 2, 2023
2022 වසරේ දී දුම්කොළ බදු ලෙස රු. බිලියන 122.92 ක් හා ආදායම් බදු ලෙස රු. බිලියන 13.92 ක් ගෙවූ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.
මේ අනුව 2022 වසරේ දී ලංකා දුම්කොළ සමාගමෙන් රජයට ලැබී ඇති මුළු බදු ආදායම රු. බිලියන 136.84 ක් වේ.
සිය නවතම මූල්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සමාගම පවසන්නේ 2022 මූල්‍ය වර්ෂය තුළ දී සමාගම රු. බිලියන 20.23 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇති බවයි.
2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී ලංකා දුම්කොළ සමාගමේ ආදායම රු. බිලියන 134.36 සිට රු. බිලියන 167.19 ක් දක්වා 24% කින් සහ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 16.38 සිට රු. බිලියන 20.23 ක් දක්වා 23.5% කින් වැඩි වී ඇත.
එසේම රජය ලද බදු ආදායමද 2021 වසරේ රු. බිලියන 110.25 සිට 2022 වසරේ දී රු. බිලියන 136.84 ක් දක්වා 24% කින් වර්ධනය වී ඇත.
Video Story