මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් ආදරවන්තයන්ගේ දිනයට නව ආභරණ එකතුවක් සමග විදේශ සංචාරයකට වරම්

    February, 11, 2016

    මෙවර ආදරවන්තයන්ගේ දිනයේදීත් හදවත් ආදරයෙන් පුරවන්නට විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කටයුතු යොදා තිබේ. මේ අනුව zසමනලූන්Z තේමා කරගත් සුවිශේෂී ආභරණ එකතුවක් නිර්මාණය කර ඇති අතර එම ආභරණ පෙළ මෑතකදී සියලූම මල්ලිකා හේමචන්ද්‍ර ශාඛා වෙත හඳුන්වා දෙන ලදි. මීට අමතරව පෙබරවාරි මාසයේදී මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛා වෙතින් ආභරණ මිලදීගන්නා වාසනාවන්තයෙකුට හෝ වාසනාවන්තියකට විදේශ සංචාරයක් දිනාගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.

    කෙනෙකු තුළ සිය ආදරවන්තයා/ආදරවන්තිය කෙරෙහි ඇති ආදරය සංකේතවත් කරන සදාකාලික අගයකින් යුත් වටිනා ආභරණ පෙළක් මේ නව එකතුවට ඇතුළත් වී තිබේ. කාන්තාවන් සඳහා සුන්දර නිමාවෙන් යුත් වළලූ, මාල, කරාබු, පෙන්ඩන්ට් සහ මුදු මෙන්ම පිරිමින් සඳහා කෆ්ලින්ක්, ටයි පින් සහ අත් ඔරලෝසු මීට ඇතුළත් ය. හෝර්ටන් පෙදෙස, කොළඹ 07, මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්, නුගේගොඩ, කැන්ඩි සිටි සෙන්ටර් සහ ජාඇල කේ-සෝන් යන ස්ථානවල පිහිටි මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛාවලදී මෙම නිෂ්පාදන මිලදීගත හැක.

    මෙම විශේෂ එකතුව හඳුන්වා දීමට අමතරව තවත් සුවිශේෂී නිමැවුම් රැසකට සුවිශේෂී වට්ටම් පිරිනැමීමට සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව Westar අත් ඔරලෝසු සඳහා 30% ක්, රන් ආභරණ සඳහා 15% ක්, තෝරාගත් දියමන්ති ආභරණ සඳහා 20% ක් සහ ෂජැ ක‍දකකැජඑසදබ සඳහා 50% ක් දක්වා වශයෙන් වට්ටම් පිරිනැමෙනු ඇත. එමෙන්ම රු. 1,000/- සිට ඉහළට තෑගි භාණ්ඩ මිලදීගැනීමටද මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.

    තෝරාගත් නිෂ්පාදනවලට මෙසේ වට්ටම් ලබාදීමට අමතරව තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වට්ටම් ලබාදීමටද සමාගම තීරණය කර ඇත. ඒ අනුව HSBC, සෙලාන්, කොමර්ෂල් සහ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 15% ත් 50% ත් අතර වට්ටම් පිරිනැමේ. ඊට අමතරව HSBCක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සියලූම ශාඛාවලදී ආභරණ නොමිලේ පිරිසිදු කරවාගැනීමේ අවස්ථාවක් සහ හෝර්ටන් පෙදෙසේ පිහිටි ශාඛාවේදී නොමිලේ ආභරණ පරීක්ෂා කරවාගැනීමේ අවස්ථාවක් හිමි වේ.

    පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් පහසු ගෙවීමේ ක්‍රම තෝරාගැනීමේ අවස්ථාව ලබාදීමටද සමාගම කටයුතු යොදා ඇත. එමෙන්ම පාරිභෝගිකයන්ගේ පහසුව තකා මෙම කාලය පුරාම සියලූම මල්ලිකා හේමචන්ද්‍ර ශාඛා පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා විවෘතව පැවතීම තවත් විශේෂත්වයකි.

    මේ ආදරŒය සමයේ සිතේ සතුට තවත් වැඩිකරනු පි‚ස මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් විසින් විශේෂ ත්‍යාග වැඩසටහනක්ද සංවිධානය කර තිබේ. මේ යටතේ එක් වාසනාවන්තයෙකුට හෝ වාසනාවන්තියකට ලොව සොාඳුරු ගමනාන්තයක් වෙත සංචාරයක් දිනාගැනීමේ අවස්ථාව උදා වන අතර නිෂ්පාදන මිලදීගන්නා සියලූම දෙනාට විශේෂ ත්‍යාගයක් බැගින් හිමි වේ.

    තම ෆෙස්බුක් පිටුවට පිවිසී සහ දැනට ක්‍රියාත්මක ප්‍රවර්ධන වැඩසටහන්වලට සහභාගී වී වටිනා ත්‍යාග දිනාගන්නා මෙන් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සිය රසික රසිකාවියන්ට ආරාධනා කර සිටී.

    මෑතකදී සිය වෙබ් අඩවියද වැඩිදියුණු කර නැවත දියත් කිරීමට සමාගම කටයුතු කළේ ය. මේ නිසා පාරිභෝගිකයන්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් මල්ලිකා හේමචන්ද්‍ර ආභරණ රැස පරීක්ෂා කිරීමේ අවස්ථාව ලැබී තිබේ. තම නිවසේ සිටම සිතැඟි පරිදි ආභරණ තෝරාගැනීමේ හැකියාව මේ නිසා ඔවුන්ට හිමිවී ඇත.