2014 ශ්‍රී ලංකා රූ රැජිණ චුලක්ෂි රණසිංහ LUSH Skin Clinique සන්නාම තානාපති ධුරයට

    February, 11, 2016

    ශ්‍රී ලංකාවේ චර්ම ප්‍රතිකාර ක්ෂේත්‍රෙය් ප්‍රවිණයින් වන LUSH Skin Clinique සිය සන්නාම තානාපති ධුරයට 2014 ශ්‍රී ලංකා රූ රැජිණ චුලක්ෂි රණසිංහ පත්කරගනියි. චර්ම ප්‍රතිකාර සම්බන්ධයෙන් වන විශේෂඥ සේවාවක් සපයන LUSH Skin Clinique “ලස්සන පුර්ණත්වය සහ විශ්වාසය“ යන්න සිය තේමාව කර ගනිමින් මෙම සන්නාම තානාපති ධුරය පිරිනමා තිබේ. විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වු උත්සවයක දී LUSH Skin Clinique අධ්‍යක්ෂිකා ශිරෝමි සමරදිවාකර විසින් සිය නව සන්නාම තානාපතිවරිය ලෙස චුලක්ෂි රණසිංහ තොරාගත් බව සඳහන් කළාය.

    සෑම ආකාරයකම චර්ම ප්‍රතිකාර කටයුතු සිදුකරන LUSH Skin Clinique ලොව උසස්ම තාක්ෂණික උපාංග භාවිත කරයි. එමෙන්ම චර්ම ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රවීණ වෛද්‍යවරුන් විසින් සේවා සපයන LUSH Skin Clinique ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර කටයුතු සිදුකරයි.රෝහලක් නොවන පරිසරයක් තුළ නියම ආකාරයට චර්ම ප්‍රතිකාර ලබාදීම LUSH Skin Clinique හි විශේෂත්වයයි.

    සිය සන්නාම තානාපති ධුරයට 2014 ශ්‍රී ලංකා රූ රැජිණ චුලක්ෂි රණසිංහ පත්කිරීම පිළිබඳව අදහස් දැක්වු LUSH Skin Clinique හි අධ්‍යක්ෂිකා ශිරෝමි සමරදිවාකර සඳහන් කළේ “සෑම කාන්තාවක්ම තමන්ට උරුම වු ලස්සන ආරක්ෂා ගැනීම සඳහා උනන්දු වන බවයි.වර්තමාන නවීන තාක්ෂණය මඟින් එම සුන්දරත්වය දිගු කාලයක් රැක ගැනීම සඳහා ක්‍රම සහ විධි රැසක් පවතින බවත්, ඒ සඳහා සහය ලබාදීමට LUSH Skin Clinique සහය ලබාදෙන බවත් ය. මෙම පණිවිඩය ජනතාව අතරට ගෙනයාම සඳහා 2014 වසරේ ශ්‍රී ලංකා රූ රැජිණ වන චුලක්ෂි රණසිංහ තෝරාගත් බව ද ඇය සඳහන් කළාය. සුන්දරත්වයෙන් අග තැන්පත් චුලක්ෂි රණසිංහ මෙම පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට සුදුසු ම කාන්තාව බව ද ඇය පෙන්වා දෙන්නීය.

    සිය නව තනතුර පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රූ රැජිණ චුලක්ෂි රණසිංහ සඳහන් කළේ තමන් ද LUSH Skin Clinique හි පාරිභෝගිකයෙක් බවයි. මෙහි සේවාව පළිබඳව පණිවුඩය ගෙනයාමේ වගකීම හිමිවීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවත්, මෙම කාර්යය සඳහා 100% කැපවීමකින් කටයුතු කිරීමට බලාපෙරොත්තු වන බවත් ය.

    කොළඹ 5 පිහිටි Lush@Park සහ බත්තරමුල්ලේ පිහිටි Lush@Capital වෙතින් මෙම චර්ම ප්‍රතිකාර ලබාගත හැකිය. එම ක්ෂේත්‍රයේ වසර 25කට වඩා වැඩි අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහිදී ප්‍රතිකාර කටයුතු සිදුකරයි. 2014 වසරේදී ආරම්භ කළ LUSH Skin Clinique මෙරට චර්ම ප්‍රතිකාර සඳහා නව අරුතක් එක් කිරීමට සමත් ව තිබේ. දැරිය හැකි මිලකට සියලු ආකාරයේ චර්ම ප්‍රතිකාර කටයුතු උසස්ම මට්ටමින් සිදුකිරීම LUSH Skin Clinique අරමුණයි.