February, 12, 2016
ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමූහයක්වන Deutsche Post DHL සමූහයට අනුබද්ධිත DHL Sri Lanka සමාගම, සිය කාර්යමණ්ඩල සේවකයන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය ස්වේච්ඡා දිනය සැමරුමට එක් විය. Deutsche Post DHL සමාගම් සමූහයේ සේවයේ නිරත කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ස්වේච්ඡා ඉදිරිපත්වීම ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජයට සුබසෙත සැලසීම උදෙසා මෙම වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන යටතේ DHL Express සහ DHL Global Forwarding මෙරට සමාගම්වල කාර්යමණ්ඩල සාමාජිකයෝ 50 දෙනෙක් මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 05 යළි පිළිසකර කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. මෙම වාට්ටුව, මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය තෘතීයික ප්‍රතිකාර ලබා දෙන මෙරට විශාලතම ආයතනයවන මානසික සෞඛ්‍යය සඳහාවන ජාතික ආයතනය (NIMH) යටතේ ක්‍රියාත්මක වේ. රෝගීන් සඳහා ඇඳ මෙට්ට 40ක් මෙන්ම රෝගීන්ට ආහාර-පාන ආදිය ද ලබා දීමට මෙහිදී DHL කාර්යමණ්ඩල සේවකයෝ කටයුතු කළහ.
"ලොජිස්ටික්ස් ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස, අප කටයුතු කරන සමාජයේ සුබසෙත වෙනුවෙන් අප නිරන්තරයෙන් කැප වී කටයුතු කරනවා. සමාජයේ අවධානයට ලක් විය යුතු සමාජ කොට්ඨාසයක අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් ස්වේච්ඡාවෙන් සහ ක්‍රියාකාරීව සහභාගී වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා."ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් DHL Express මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා සහ DHL Global Forwarding සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකාර නජීබ්-උර් රහුමාන් මහත්වරු සඳහන් කළෝය.
"DHL යනු දේශීයව මෙන්ම ගෝලීයව ද සවිමත් ආයතනික ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන සමාගමක්. Deutsche Post DHL සමූහයේ අනු සමාගමක් ලෙස අප, GoGreen, GoHelp සහ GoTeach වැනි සමාජ වගකීම් ව්‍යාපෘති රැසකට හිමිකම් කියන බව නිහතමානී ආඩම්බරයෙන් යුතුව සඳහන් කළ හැකියි."
DHL Express මෙරට සමාගම ගෝලීය ස්වේච්ඡා දිනය නිමිත්තෙන් ගංගොඩවිල ළමා නිවාසයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය නවීකරණය කිරීමට ද කටයුතු කළේය. ග්රන්ථ 400 ප්‍රමාණයක්, 28" වර්ණ රූපවාහිනී යන්ත්‍රයක්, අධ්‍යාපනික DVD තැටි 150ක් සහ පුවරු ක්‍රීඩා සහ ප්‍රහේලිකා ක්‍රීඩා රැසක් මෙහිදී ළමා නිවාසයට පරිත්‍යාග කෙරිණි. ලාභ නොලබන ආයතනයක් මගින් පවත්වාගෙන යනු ලබන මෙම ළමා නිවාසය අඩසියවසකට අධික කාලයක පටන් මෙරට සරණක් අවැසි දූ දරුවන්ට රැකවරණය ලබා දී ඇත. ළමා නිවාසය අලංකාරවත් ලෙස තීන්ත ආලේප කිරීමටත්, ඉන්පසුව දරුවන් සමග විනෝද වීමටත් DHL Express සමාගමේ කාර්යමණ්ඩල සේවකයෝ කටයුතු කළෝය.
මීට අමතරව, පිළියන්දල SOS ගම්මානයේ රැකවරණය ලබන දූ දරුවන් හට පාසල් උපකරණ ලබා දීමට ද DHL Express කාර්යමණ්ඩල සාමාජිකයෝ කටයුතු කරති. ළමා ක්‍රිකට් තරගාවලියක් ද ඔවුන් සංවිධානය කර ඇති අතර ජයග්‍රාහකයන් හට ආකර්ෂණිය කුසලාන ප්රදානය කිරීමට ද සැලසුම් කර ඇත.
ආසියා පැසිෆික් කලාපයෙන් 2008 වසරේදී ඇරඹුණු ගෝලීය ස්වේච්ඡා දිනය, ඇමරිකාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය දක්වා ව්‍යාප්ත වී වර්තමානයවන විට ලෝකව්‍යාප්ත වැඩසටහනක් බවට පත්ව තිබේ. මෙවර ස්වේච්ඡා දිනය සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ අතර ඊට සමගාමී ක්‍රියාකාරකම් වසර පුරාම ක්‍රියාත්මක කෙරෙනු ඇත. 2013 වසරේදී ස්වේච්ඡා දිනය වසරක් පුරා ක්‍රියාත්මක කෙරුණු අතර එය ඉතා සාර්ථකව නිම විය. 2014 වසරේදී, ලොව පුරා රාජ්‍යයන් 117 ක් තුළ ක්‍රියාවට නැංවුණු ව්‍යාපෘති 1,700 කට ආසන්න ප්‍රමාණයක් සඳහා කාර්යමණ්ඩල සාමාජිකයෝ 108,000 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.
2015 වසරේ ගෝලීය ස්වේච්ඡා දිනය සමරනු වස්, ලොව පුරා සිටින Deutsche Post DHL සමූහයේ කාර්යමණ්ඩල සාමාජිකයෝ දේශීය වශයෙන් සිය රටවල විවිධ ව්‍යාපෘති රැසක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්හ. ගෝලීය ස්වේච්ඡා දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් සියල්ල DHL සමාගමේ ප්‍රධාන ප්‍රජා සත්කාරක ඉලක්ක තුන අරමුණු කර ගනිමින් දියත් කෙරේ. පරිසරය රැක ගැනීම ඉලක්ක කර ගත් GoGreen වැඩසටහන, අවධානයට ලක් විය යුතු ජනතාවගේ කුසලතා හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දීම ඉලක්ක කර ගත් GoHelp වැඩසටහන සහ අධ්‍යාපනික අවස්ථා සහ සේවා නියුක්ති අවස්ථා වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගත් GoTeach වැඩසටහන එම ප්‍රධාන අරමුණු ත්රිත්ත්වයයි.
Video Story