February, 15, 2016
රූපලාවන්‍ය ක්ෂේත්රයේ පුරෝගාමී හා ප්රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' හා 'Basicare' අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදය (SLAHAB) මගින් සංවිධානය කරන SLAHAB ජාතික සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව 19 වන වරටත් පැවැත්වෙන SLAHAB ජාතික සම්මාන උළෙල එළඹෙන පෙබරවාරි 28 වැනිදා ගලධාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
අඛණ්ඩව වාර්ෂිකව සංවිධානය කෙරෙන SLAHAB ජාතික සම්මාන උළෙල මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතා පිළිබිඹු කරන දැවැන්ත තරගාවලියකි. SLAHAB ජාතික සම්මාන උළෙලට මෙරට රූපලාවන්‍ය ක්ෂේත්රය තුළ ප්රමුඛ පෙළේ ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් හා සමාන මට්ටමින් මෙය පැවැත්වෙයි.
මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේදී දිවයින පුරා විසිරී සිටින කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන් 100 කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර විනිසුරුවන් ඉදිරියේදී සිය දක්ෂතාවන් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා ලියාදිංචි වූ සියලූම තරගකරුවන්ට රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින් වෙතින් නොමිලේ සුවිශේෂී පුහුණුවක් හිමිකරගැනීමේ අවස්ථාව ද උදාවෙයි. මෙම පුහුණුව මගින් SLAHAB ජාතික සම්මාන උළෙලට ඉදිරිපත් වන තරගකරුවන්ට ඔවුන්ගේ කුසලතා හා හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ජාත්‍යන්තර විධිවිධාන වලට අනුකූලව නිර්මාණය වී තිබෙන මෙම තරගාවලිය අංශ 13 ක් යටතේ පැවැත්වීමට නියමිතය. පිරිමි කොණ්ඩා සැකසුම, කාන්තා ටෙක්නිකලර්-ක්‍රියේටිව්, කාන්තා කොණ්ඩා මෝස්තර- Day Hair Style, පිරිමි කොණ්ඩා කැපීම, කාන්තා ටෙක්නිකලර්-Hair by Night, ෆැන්ටසි නිය අලංකරණය, මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර, කාන්තා සැඳෑ කාලයට කොණ්ඩ මෝස්තර, මනාලියන්ගේ මේකප් ආදිය එවැනි තරග අංශ අතරට ඇතුළත්ය.
''දේශීය කේශාලංකරණ හා රූපලාවන්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පවත්වන SLAHAB හවුල්කාරීත්වය ඔස්සේ මේ උළෙලේ සම අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම My Chemist සමූහයට හිමිවුණු මහත් ගෞරවයකි. මෙම තරගාවලියේදී මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පෙන්නුම් කිරීමට හිමිවන අවස්ථාව ජාත්‍යන්තර මට්ටමේ තරගයක් ලබාදීමට ඔවුන්ට හිමිවන අත්වැලක් ලෙස හැඳින්විය හැකියි.'' SLAHAB ආරම්භක සභාපතිනි නයනා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
කේශාලංකරණ හා රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාම මෙහිදී ප්‍රදර්ශනය කරන අතර මේ සඳහා සහභාගීවන පිරිස් වෙත ඒවා නිවැරදිව භාවිත කරන ආකාරය කියාදීම, මිලදීගැනීමේ අවස්ථාව ද මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේදී හිමිවනු ඇත. SLAHAB ජාතික සම්මාන උළෙලේ සම අනුග්‍රාහක ලෙස My Chemist සමූහයේ ප්‍රමුඛතම සන්නාමයන් වන 'Dermacolor' රූපලාවන්‍ය නිෂ්පාදන හා 'Basicare' රූපලාවන්‍ය උපාංග නිවැරදිව භාවිත කරන අයුරු මෙහිදී පෙන්නුම් කිරීම ද සිදුවෙයි.
''My Chemist සමූහය මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලට සම අනුග්‍රාහක දායකත්වය ලබාදීමෙන් මෙරට රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ උන්නතියට ද දායකවීමට හැකිවීම My Chemist සමූහයට හිමිවන සුවිශේෂී භාග්‍ය්‍යකි. රූපලාවන්‍ය නිෂ්පාදන මෙන්ම My Chemist සමූහයේ ප්‍රමුඛතම සන්නාමයන් වන 'Dermacolor' හා 'Basicare' මගින් රූසපුවේ සුන්දරත්වය සුරකින නවීන රූපලාවන්‍ය නිෂ්පාදන මාදිලිපෙළක් පාරිභෝගිකයින්ට හිමිකරදෙයි.'' My Chemist International අධ්යක්ෂ, සරත් ජයසේකර මහතා පැවසුවේය.
මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේදී 'Pride & Glory' නමින් නව සඟරාවක් ප්‍රකාශයට පත්කිරීමට ද නියමිතය. රූපලාවන්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයින්, වෛද්‍යවරුන්, ඇතුළු පිරිසගේ අදහස් ඔස්සේ ලියැවුණු සෞඛ්‍යය හා රූපලාවන්‍ය ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබඳ ලිපි ද මේ අතරට ඇතුළත් වනු ඇත. එළඹෙන 2017 වසරේදී SLAHAB සිය 20 වන සංවත්සරය සැමරීමට සූදානමින් සිටින අතර එහිදී මෙරට ප්‍රවීණ කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ කුසලතා තවදුරටත් දැකගැනීමට හැකිවනු ඇත.
සේයා රූ සටහන - 2015 SLAHAB ජාතික සම්මාන උළෙල
Video Story