කැළණි කේබල්ස් සමාගම 2016 වසරේ ‘කැළණි විසුර‘ විදුලි කාර්මික දැනුවත්කිරීමේ වැඩසටහන් කොළඹින් අරඹයි

    February, 16, 2016

    ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි වයර් නිපදවන කැළණි කේබල්ස් සමාගම, දිවයින පුරා විසිරී සිටින විදුලි කාර්මිකයන් නව උපක්‍රම හා තාක්ෂණික විධි පිළිබඳව දැනුවත්කිරීමේ වැඩමුළු මාලවෙහි 2016 වසරේ වැඩසටහන් පසුගියදා කොළඹින් ඇරඹීය. ඒ කොළඹ ආමර් වීදිය හා මැසෙන්ජර් වීදිය අවට වෙසෙන විදුලි කාර්මිකයන් වෙනුවෙන් කොළඹ මැසෙන්ජර් වීදියේ බ්‍රයිටන් හෝටලයේදී ‘කැලණි විසුර‘ වැඩමුළුවක් පවත්වමිනි. එය කැළණි කේබල්ස් සමාගම විසින් දශකයකට ඉහතදී විදුලි කාර්මිකයන් දැනුවත්කිරීම හා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කළ ‘කැළණි විසුර‘ (විදුලි කාර්මික සුබසාධන රන් මෙහෙවර) නම් ආයතනික සමාජ සත්කාරක වැඩසටහන යටතේ පැවැත්වෙන්නකි.

    කැළණි කේබල්ස් සමාගමේ වෙළඳ ඉංජිනේරු සංජීව ගුණතිලක මහතා විසින් මෙහෙය වූ කොළඹ මැසෙන්ජර් වීදියේ පැවැති ‘කැළණි විසුර‘ විදුලි කාර්මිකයන් දැනුවත්කිරීමේ වැඩසටහනට විදුලි කාර්මිකයන් 150කට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහි දී විදුලි කාර්මිකයන්ට නිවාස හා ගොඩනැගිළිවල ආරක්ෂාව සැළසෙන ආරක්ෂාකාරීබව සනාථ කළ වයර් තෝරාගැනීම, දුර හා නිවසේ ස්වභාවය අනුව, ප්ලග් පොයින්ට්, ස්විචයන් සවිකිරීම හා විදුලි පහන් ප්‍රමාණය අනුව වයර් තෝරාගැනීම, වයර් එළීම සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටළු නිරාකරණය ආදී එම විෂයයට අÞල විශේෂ දැනුවත්වීමක් ලබාදුණි. ආහාරපාන ඇතුළු සියලූ පහසුකම් සහිතව පැවැත්වූණු මෙම එක්දින වැඩමුළු අවසානයේදී සහභාගී වූවන්ට වටිනා සහතිකපතක් හා ත්‍යාගයක්ද පිරි නැමුණි. කැළණි කේබල්ස් සමාගම මගින් පවත්වන මෙම වැඩමුළු මාලාවෙහි විශේෂත්වය වන්නේ එයට සහභාගීවන සෑම විදුලි කාර්මිකයෙකුටම ගොඩනැගිල්ලක් හෝ නිවසක වයරින් සැලසුමක් ඇදීමේ හැකියාව ඇත්තෙකු බව ට පත්ව තරගකාරී දැනුමක් හිමි කාර්මික ශිල්පියෙකු බවට පත්වීමය.

    ජායාරූප විස්තරය - කැළණි කේබල්ස් සමාගමේ වෙළඳ ඉංජිනේරු සංජීව ගුණතිලක මහතා විසින් නව වසරේ පළමු වැඩමුළුව මෙහෙය වූ අවස්ථාව