යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයේ IWW Steel කුටියට ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරයක්

    February, 16, 2016

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වානේ කම්බි නිපදවන සමාගමක් වන IWW Steel සමාගම පසුගියදා යාපනය නගර සභා පිටියේ පැවති 7වන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ සල්පිලෙ හි ඉදි කළ ප‍්‍රදර්ශන කුටියට ඉහළ පාරිභෝගික ප‍්‍රතිචාරයක් හිමි වී තිබේ. තම නිෂ්පාදන හඳුන්වාදීමට අමතරව IWW Steel සමාගම ඉදිකිරීම් සඳහා වානේ කම්බියේ ප‍්‍රමිතිය හඳුනාගැනීම, විවිධ ඉදිකිරීම් අවශ්‍යතා මත වානේ කම්බි තෝරාගැනීම හා වැඩි ඵලදායිතාවක් ලැබෙන සේ ඒවා භාවිතාකිරීම සම්බන්ධයෙන් එම සමාගමේ තත්ත්ව පාලන කළමනාකරු" අබු නිඩාල් මහතා විසින් ප‍්‍රදර්ශනයට එක් වූ පාරිභෝගිකයන්ට වැඩමුළුවක් පැවැත්වීම එහි විශේෂත්වයකි.

    IWW Steel සමාගම RS වෙළෙඳනාමය යටතේ ශී‍්‍ර ලංකාවේ සියලූ ඉදිකිරීම්වලට අවශ්‍ය වානේ කම්බි ආනයනික උසස්තම වානේ බිලට්" වානේ කම්බි නිපදවීමට ලොව පිළිගත් සවිබලගැන්වීමේ රසානිකයන් හා තාක්ෂණික ක‍්‍රමවේද යටතේ සියලූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුකූලව නිපදවන අතර එම සමාගම විසින් නිෂ්පාදන කරන RS QST RB 500 වානේ කම්බියට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන SLS 375:2009 ප‍්‍රමිති සහතිකය පසුගියදා හිමිවිය.

    ජායාරූප විස්තරය - යාපනය ජාත්‍යන්තර වෙළෙඳ සල්පිලට එක් වූ IWW Steel සමාගමේ කාර්ය මණ්ඩලය