February, 17, 2016
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මේ මාසයේදී 'ප්රණාම' ශිෂ්‍යත්ව වැඩසටහනේ 15 වන අදියර පැවැත්වීමත් සමග එම වැඩසටහන තුළින් මෙරට දරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් ප්රතිලාභ ලැබීම හේතුවෙන් සුවිශේෂී අදියරකට පිවිස ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයේදී රුපියල් මිලියන 10 කට වැඩි වටිනාකමක් සහිත තවත් ශිෂ්‍යත්ව 154 ක් පිරිනැමූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සියළුම පළාත් නියෝජනය කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයින්, නිළධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුදරුවන් සහභාගී වී තිබුණි.
මෙම ශිෂ්‍යත්ව ප්රදානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන් අධ්‍යාපනික අංශයේදී දැක්වූ දස්කම් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලදී දැක්වූ දස්කම්ද සැලකිල්ලට ගනී. මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දූ පුතුනට හා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත්‍රික් මට්ටමේ ඉහළම ප්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් 'ප්රණාම' ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක්‍රීඩාව, සංස්කෘතිය, කලාව, නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග්රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් 'ප්රණාම' ශිෂ්‍යත්ව පිරිනැමේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ ඉහළ බුද්ධියක් සහිත දරුවන් උනන්දු කරමින් ඔවුන්ට අධ්‍යාපනයේ හිණි පෙත්තටම ගමන් කිරීමට මෙවැනි ශිෂ්‍යත්ව පිරිනැමීම ඉතාමත් වැදගත් බවයි. ශ්‍රී ලංකාවේ ගෞරවනීය අධ්‍යාපනඥයින් වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා, සර් ඩී.බී. ජයතිලක මහතා සහ ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධාන කර්තෘවරයා වූ ආචාර්ය බී.ආර්. අම්ඛෙඩ්කර් යන මහත්වරුන් අධ්‍යාපනයෙන් ඉහළටම නැගී සිටියේ ඔවුන් දිනාගත් ශිෂ්‍යත්ව හේතුවෙන් බව ඔහු මෙහිදී මතකයට නැගීය.
සමාජ සංචලතාවයට අධ්‍යාපනය ප්‍රධාන හේතුවක් යැයි අවධාරණය කළ මහාචාර්ය දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ මෙම වැඩසටහන පිළිබඳව දෙමව්පියන්ගේ විශාල කැමැත්තක් සහ උනන්දුවක් තිඛෙන බවයි. සෑම දෙමව්පියෙකුම තම දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳව සිතන බවත් එවැනි අරමුණක් වෙනුවෙන් 'ප්රණාම' ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සහාය ලැඛෙන බවත් මහාචාර්යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සෙලින්කෝ ලයිෆ් අධ්යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේ සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මේ දක්වා 'ප්රණාම' ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් වැයකර තිඛෙන රුපියල් මිලියන 110 ක මුදල් ප්‍රමාණය වියදමක් ලෙස නොව අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් වන ආයෝජනයක් ලෙසින් සිතන බවයි.
නායකත්ව ගුණාංග පිළිබඳව පැහැදිලි කිරීමට හෙතෙම zඅයිස් බර්ග්Z නැමති මූලධර්මය භාවිතා කරමින් සඳහන් කළේ දරුවන්ගේ නායකත්ව ගුණාංග සහ ලක්ෂණ වලින් 90% ක් පමණම එක්වරම මතු පිටට නොපෙනෙන බවයි. "ඔබගේ කුසලතාවයන්ට ඔබව හිණි පෙත්තටම රැගෙන යා හැකියි. එහි රැදී සිටීමට ඔබගේ චරිතය සඳහා ගුණාංග හේතු වුනා", යනුවෙන් ශිෂ්‍යත්ව ලාභීන් අමතමින් රණසිංහ මහතා සඳහන් කළේය.
නවතම අදියරේ 'ප්රණාම' ශිෂ්‍යත්ව ලාභීන් අතරට 2015 වසරේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී හොඳම දිස්ත්‍රික් ප්‍රතිඵල ලැබූ සිසුන් 26 දෙනෙකු, 2014 වසරේදී අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් සිසුන් 25 දෙනෙකු, 2014 වසරේදී අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී දිස්ත්‍රික්ක මට්ටමින් හොඳම Z ලකුණු ලැබූ සිසුන් 26 දෙනෙකු සහ මෙම විභාගයේදී දිස්ත්‍රික්ක මට්ටමින් Z ලකුණු මට්ටම අනුව දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන ලබාගත් සිසුන් 69 දෙනෙකු මෙන්ම ක්‍රීඩා, සංස්කෘතික, කලා, නාට්‍ය හෝ නවෝත්පාදන ක්ෂේත්රයන්ගෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ සිසුන් 08 දෙනෙකු ඇතුළත් විය.
මෙම අදියර සමග සෙලින්කෝ ලයිෆ් ප්රණාම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ප්රතිලාභ ලබා තිඛෙන සිසුන් සංඛ්‍යාව 2,078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් මෙන්ම අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඉහළ දස්කම් දක්වා ප්රණාම ශිෂ්‍යත්ව දිනා ගන්නා සිසුන් වෙනුවෙන් පිරිනමන මාසික දීමනාව වැඩිකර තිබේ. අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී දිස්ත්‍රික්ක මට්ටමින් Z ලකුණු මට්ටම අනුව දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන ලබාගත් සිසුන් වෙනුවෙන් එක්වරක් ගෙවන දීමනාව ගිය වසරේදී සමාගම විසින් වැඩිකරන ලදී.
සෙලින්කෝ ලයිෆ් ප්රණාම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අයත් වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 'ලයිෆ් රිවෝර්ඩ්ස්' වැඩසටහන තුළින් අධ්‍යාපනය සඳහා විශේෂ තැනක් ලබාදී ඇත.
මෙරට ඉතාමත් වටිනා සන්නාමයක් ලෙස ස්වාධීන ඇගයීමට ලක්වූ සෙලින්කෝ ලයිෆ් 2004 වසරේ සිට මෙරට දිගුකාලීන රක්ෂණ අංශයේ ප්‍රමුඛයා ලෙස සිය නායකත්වය පවත්වා ගැනීමට සමත්ව තිබේ. දේශීය ජීවිත රක්ෂණ සමාගම් අංශයේ විශාලතම ශාඛා ජාලය පවත්වාගෙන යන්නේ සෙලින්කෝ ලයිෆ් වන අතර ප්‍රජා සත්කාරක සේවා සහ වෙළඳ නාම ගොඩනැගීම සඳහා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක ගරු බුහුමනට සමාගම පාත්රවී ඇත.
'ප්රණාම' ශිෂ්‍යත්ව ලාභියෙකු තමන්ට හිමි ශිෂ්‍යත්වය සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතාගෙන් (දකුණේ) ලබාගනිද්දී.
Video Story