June, 13, 2023
ආර්ථික පුනර්ජීවනය උදෙසා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනාගනිමින්, එකී බාධාවන් ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් අමාත්‍යවරු 06 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට 2022-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.
ඒ අනුව, එකී අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කරනුු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කරනු ලදුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
Video Story