June, 14, 2023
අද (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් කැපීපෙනෙන අගයයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් හා විකිණුම් මිල රු. 318.99 ක් ලෙසින් වාර්තා වී ඇත.
මෙය 2023 මැයි 16 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
මෙරට වානිජ බැංකුවල විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දීද ඩොලරයේ විකුණුම් මිල රු. 320 සීමාවට පැමිණ ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය.
ලංකා බැංකුව - රු. 308.00 - රු. 322.42
මහජන බැංකුව - රු. 308.56 - රු. 323.07
සම්පත් බැංකුව - රු. 305.00 - රු. 320.00
HNB - රු. - රු. 305.00 - රු. 320.00
සෙලාන් බැංකුව - රු. 302.00 - රු. 322.00
DFCC - රු. 300.00 - රු. 320.00
NDB - රු. 307.00 - රු. 323.00
DFCC - රු. 300.00 - රු. 320.00
අමානා බැංකුව - රු. 310.00 - රු. 320.00
Video Story