DHL Express ආසියා පැසිෆික් නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස කෙන් ලී මහතා පත් වෙයි

    February, 26, 2016

    ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සේවා සමාගමක්වන DHL Express සමාගම, සිය ආසියානු පැසිෆික් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කෙන් ලී මහතා පත් කර ඇත. ඔහු තේරී පත් වූයේ 2001 වසරේ සිට DHL Express සමාගමේ කීර්තිමත් සේවා කාලයකට හිමිකම් කියමින් මෑතකදී විශ්‍රාම ගත් ජෙරී ෂූ මහතාගෙන් හිස් වූ පුරප්පාඩුව සඳහාය.

    චීනය ලෝක ආර්ථිකයේ වැදගත් අංශයක් බවට පත්වෙමින් සිටින බැවින්, එය DHL Express සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා වෙනම කලාපයක් බවට පත් වනු ඇති අතර එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස වූ ඩොංමිං මහතා කටයුතු කරයි. ලී සහ වූ මහත්වරු දෙදෙනාම DHL Express ගෝලීය කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෝ වෙති.

    "ආසියා පැසිෆික් කලාපය තුළ සමස්තයක් වශයෙන් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ළඟා වෙමින් පවතින බැවින් DHL සමාගමට එම කලාපය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් වනවා. පරිණත වෙළඳපල ව්‍යාපාර වර්ධනය සහ ආසියානු කලාපය තුළ මෙන්ම එහි කර්මාන්ත තුළ ද මූලෝපායික දැක්ම කෙරෙහි කෙන් ලී මහතා සුවිශේෂී බලපෑමක් සිදු කර තිබෙනවා. මිනිසුන්ගේ සිතුම්-පැතුම්, මුල්‍ය පරිපාලනය සහ ක්ෂේත්‍රය පිළිබඳ කෙන් සහ ඩොංමිං මහත්වරුන් සතු විශේෂඥ දැනුම DHL Express සමාගම ආසියා පැසිෆික් කලාපය තුළ අසමසම ස්ථානයකට ඔසවා තබනු ඇති." DHL Express සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කෙන් ඇලන් මහතා සඳහන් කළේය.

    DHL Express සමාගමේ හොංකොං සහ මැකාවෝ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මෙන්ම ආසියා පැසිෆික් කලාපයේ විධායක උප සභාපතිවරයා ලෙස කටයුතු කරමින් 2009-2012 කාලය තුළ එම රාජ්‍යයන් දෙක තුළ ආදායම් දෙගුණයකින් වර්ධනය කිරීම සඳහා පුරෝගාමී වූයේ ද කෙන් ලී මහතාය. DHL Express ආසියා පැසිෆික් කළමනාකරණ මණ්ඩලයේ ද සාමාජිකත්වය දරන කෙන් ලී මහතා, DHL Express සමාගමේ භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයෙන් 20% කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මකවන වඩාත් සුවිශේෂීත ම කේන්ද්‍රස්ථාන දෙකක්වන සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යයන්හි ව්‍යාපාර වර්ධනය කිරීමේ වගකීම ද දැරීය.

    මෙම කාලය තුළ කෙන් ලී මහතාගේ මගපෙන්වීම යටතේ DHL සමාගම, භාණ්ඩ බෙදාහැරීම, පාරිභෝගික සේවාව, සන්නාමකරණය සහ ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා විවිධ සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. 2012 වසරේදී ආසියා පැසිෆික් කලාපයේ DHL වාණිජ කටයුතුවල වගකීම බාර ගැනීමත් සමග ඔහු විසින් අනුගමනය කරන ලද සුවිශේෂී ව්‍යාපාර මූලෝපාය හේතුවෙන් DHL සමාගමේ වෙළඳපල හිමිකාරීත්වය තවදුරටත් සවිමත් විය.

    "දිනෙන් දින අභියෝගාත්මකවන ලොජිස්ටික්ස් ක්ෂේත්‍රය තුළ පාරිභෝගික සේවාව සහ ලොජිස්ටික්ස් සේවාවේ නම්‍යශීලිත්වය සඳහා DHL සමාගම හිමිකර ගෙන සිටින ප්‍රමුඛතාව තවදුරටත් සවිබල ගැන්වීමට නම් අඛණ්ඩ නව්‍යකරණය ඉතා වැදගත්. ව්‍යාපාර, ධාරිතා, වේගය සහ අපගේ ජාලය සඳහා ළඟා වීමේ හැකියාව යනාදිය වර්ධනය කිරීම ආසියා පැසිෆික් කලාපය තුළ වඩාත් අභියෝගාත්මක වී තිබෙනවා. විශේෂයෙන් ම 22,000 කට අධික අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කුසලතා සහ සුබසාධනයට සරිලන මට්ටමකින් එම ඉලක්ක ජය ගැනීම ඉතාමත් අභියෝගාත්මක වී තිබෙනවා." කෙන් ලී මහතා ප්‍රකාශ කළේය.

    ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ වසර 20 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන කෙන් ලී මහතා ඉන් වසර 18 ක් ම DHL සමාගම වෙනුවෙන් සිය සේවය ලබා දී ඇත. DHL සමාගමේ සිංගප්පූරු මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමනාකාර සහ සාමන්යාධිකාරී ලෙස කටයුතු කරමින් ඔහු මෙහෙයුම් කටයුතුවල පරිවර්තන රැසක් සිදු කළ අතර එම නිසාම 2001 වසරේදී සිංගප්පූරු මධ්‍යස්ථානයට සිංගප්පූරු තත්ත්ව සහතිකය ද හිමිකර ගැනීමට හැකි විය. 2005 වසරේදී හොංකොං හි පිහිටි DHL මධ්‍යම ආසියානු මධ්‍යස්ථානයේ (CAH) සාමාන්‍යාධිකාරී තනතුරට පත් වූ ඔහු, ස්වයංක්‍රිය තේරීම් පද්ධතිය ඇතුළු නවතම හඳුන්වාදීම් රැසක් සිදු කරමින් බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක නිරත වූයේය. කෙන් ලී මහතාගේ අධීක්ෂණය යටතේ නියමිත කාලයට ද පෙර මධ්‍යම ආසියානු මධ්‍යස්ථානයේ වැඩිදියුණු කිරීම් නිමා කිරීමට DHL සමාගම සමත් වූ අතර, 2009 වසරේදී හොංකොං වෙළඳ සංවර්ධන මණ්ඩලයේ සේවා සහ තාක්ෂණික නවෝත්පාදන සම්මානය DHL සමාගමට හිමි වූයේ ද ඒ අනුවය.

    ආසියා පැසිෆික් කලාපය තුළ DHL සමාගමේ ප්‍රමුඛස්ථානය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා පුහුණු සහ තාක්ෂණ අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා නව්‍යකරණය ඉදිරියට ගෙන යාම කෙන් ලී මහතාගේ අනාගත ඉලක්කයයි. හොංකොං රාජ්‍යයේ සිට ඔහු හොංකොං, ඉන්දියාව, ජපානය, කොරියාව, ඕසියානාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ තායිවානය යන පුළුල් භූගෝලීය වපසරියක ව්‍යාපාරික කටයුතු මෙහෙයවනු ඇත.