ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් රැස් කිරීමට සියැට් රට පුරා සංචාරය කරයි

    February, 29, 2016

    නවතම ‘ජය වේ ශ්‍රී ලංකා‘ ප්‍රවර්ධන වැඩසටහනින් නවීන තාක්ෂණය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව

    ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අතරේ ක්‍රිකට් උණුසුම වර්ධනය වෙමින් තිඛෙන මෙවන් අවස්ථාවක මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් එම උද්යෝගය සහ උනන්දුව තව තවත් වැඩිකරමින් මෙරට ක්‍රීඩා ලෝලීන් එක් මිටකට එකම කණ්ඩායමක් ලෙස ගොනුකර ගැනීම සඳහා නවතම වැඩසටහනක් දියත් කර තිබේ.

    ලබන මාර්තු 08 වනදා ඉන්දියාවේදී ඇරඹෙන ICC ලෝක කුසලාන විස්සයි විස්ස ශූරතාවලිය ඉලක්ක කරගනිමින් සියැට් විසින් ‘ජය වේ ශ්‍රී ලංකා‘ නමින් ප්‍රවර්ධන වැඩසටහනක් සිදුකරන අතර මෙහිදී දැවැන්ත ස්පර්ශක තිර සහිත LED පුවරුවක් සවිකළ ට්‍රක් රථයක් දින 25 ක් පුරා ශ්‍රී ලංකාව පුරා සැරිසරනු ඇත. එසේ ගමන් කරන විට දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් සුභ පැතුම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස්කර ගැනීමේ හැකියාව මෙම ට්‍රක් රථයට තිබේ.

    මෙම ට්‍රක් රථය සමග තවත් දැවැන්ත ඛෑෘ තිරයක් සහිත ට්‍රක් රථයක් ගමන් කරන අතර ‘අත්සන් ලබාගැනීමේ ට්‍රක් රථය‘ ක්‍රීඩා ලෝලීන් රැස්වන දිවයින පුරා පිහිටි නගර 51 කදී නතර කළ පසුව දෙවන රථයේ ඇති ඛෑෘ තිරය මගින් මීට පෙර පැවති ෂක‍ක‍ ලෝක කුසලාන විස්සයි විස්ස තරග ප්‍රදර්ශනය කරනු ඇත. මෙහිදී, ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතීමට කැමති ක්‍රීඩා ලෝලීන් තමන්ගේ නම සහ ජංගම දුරකතන අංකය ලබාදීමෙන් ඩිජිටල් තිරයේ තමන්ගේ ඡායාරූපයක් සමග සුභ පැතුම එක් කිරීමේ අවස්ථාව සියැට් විසින් ලබාදී ඇත. මෙසේ සුභ පැතුම් එක්කළ ක්‍රීඩා ලෝලීන්ගේ මුහුණු අවසානයේදී ශ්‍රී ලංකාවේ හැඩය ගත් කොලාජ් චිත්‍රයක් ලෙස දිස්වන ලෙස සකස් කිරීමට නියමිතය.

    විචිත්‍රවත් ලෙස සකස් කර තිඛෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීමේ මෙම අති නවීන ජංගම ඒකකය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ කීර්තිමත් ක්‍රීඩා තරුවල සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී ගමන් ආරම්භ කළ අතර මේ තුළින් පෙන්නුම් කරන්නේ සියැට් ශ්‍රී ලංකා සමාගමේ මෙම වැඩසටහන වෙනුවෙන් ලැඛෙන ඉහළ සහයෝගයයි. ක්‍රීඩා අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා කි්‍රකට් කණ්ඩායමට මෙම ඩිජිටල් තිරයේ සුභ පැතුම් එක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, හිටපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා, 2016 දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 100 රන් පදක්කම් ලාභී හිමේෂ් එෂාන් මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජෙහාන් බුබාරක්, ඇන්ජෙලෝ පෙරේරා සහ පර්වේස් මහරුෆ් යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් වන ඇෂ්ලි ද සිල්වා මහතා, මොහාන් ද සිල්වා මහතා සහ ෂම්මි සිල්වා මහතා එක්විය.

    “රට වෙනුවෙන් අපගේ කැපවීමෙහි ක්‍රීඩාවන් සඳහා සහයෝගය ලබාදීම මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු වලට දිරිදීම වැදගත් සාධක වෙනවා“, යනුවෙන් සියැට් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, විජේ ගාම්භීරේ මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණ සපයන්නා ලෙස මෙරට සියළුම සමාජ පන්තිවල ජනතාවගේ ජීවිත තුළ වැදගත් කොටසක් බවට සියැට් පත්ව තිඛෙනවා. මේ නිසා, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බහුතර ජනතාව සමග එක්වීමට ලැබීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා“.

    සියැට් ‘ජය වේ ශ්‍රී ලංකා‘ ප්‍රවර්ධන වැඩසටහන් ට්‍රක් රථය දිවයිනේ උතුරු-දකුණු සහ නැගෙනහිර-බටහිර ආවරණය කරමින් දින 25 ක් පුරා යාපනය, ත්‍රිකුණාමලය, ඇඹිලිපිටිය සහ අම්බලන්තොට මෙන්ම ලූණුගම්වෙහෙර, තනමල්විල, මොණරාගල, නුවරඑළිය, බණ්ඩාරවෙල, පුත්තලම, අරලගංවිල වැනි ප්‍රදේශ ඇතුළුව රට පුරා සැරිසරන්නේ භූගෝලීය වශයෙන්, ජාතීන් වශයෙන් සහ සමාජ පන්තීන් වශයෙන් විසිරී සිටින ජනතාව එක්තැන් කරගනිමිනුයි.

    මෙම මාර්ග සංචාරය අවසන් කිරීමෙන් පසුව මෙම ප්‍රවර්ධන ට්‍රක්රථ විසින් මීගමුව සහ ගාල්ල යන නගර වලදී ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය සමග තරඟ වදින ලෝක කුසලාන විස්සයි විස්ස මූලික වටයේ තරඟ සජීවී ලෙස ප්‍රදර්ශනය කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් එක්කළ දහස් ගණනක ප්‍රේක්ෂකයින්ගේ මුහුණු වලින් සකස් කළ ශ්‍රී ලංකා සිතියම මෙම ට්‍රක් රථයේ ප්‍රදර්ශනය කරන බවත් එය සමාජ ජාල මගින් ප්‍රසිද්ධ කරන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    ඡායාරූපය - ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර තම සුභ පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට පිළිගන්වන අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පසෙකින් සිටී.