ආයුබෝවන් ! Huawei Mate 8 සහ Huawei GR5 ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු.

    March, 1, 2016

    ඇඟිලි සලකුණු මෙහෙයුම් ඇතුළු ලොව උසස්ම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය සහිත නව නිපැයුම් දෙකක් මෙරට ව්‍යාපාරිකයින් සහ තරුණ පරපුර වෙනුවෙන්.

    Huawei සිය නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් දෙක වන Huawei Mate 8 සහ Huawei GR5 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. එම හඳුන්වාදීමේ උත්සවය ආරාධිත අමුත්තන් 400 කගේ පමණ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි.

    කළු සහ රන්වන් පැහැයෙන් එන Huawei Mate 8 “ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයින්ගේ නවීන විලාසිතාව“ යන තේමාව ඔස්සේ වෙළඳ පලට හඳුන්වා දී තිබේ. එම ස්මාර්ට්ෆෝනය Kirin 950 chipset සහිත පළමු ස්මාර්ට්ෆෝනය වන අතර, එහි CPU වෙතින් ලබාදෙන බලය 100% කි. එමෙන්ම GPU හි ශක්‍යතාව 125% කි.ස්මාර්ට්ෆෝනයක් භාවිත කිරීමේදී බෙහෙවින්ම සැලකිය යුතු බැටරි බලය රඳවා තබාගැනීම අතින් Kirin 925 ස්මාර්ට්ෆෝනයකට වඩා 70% කින් ඉහළය.

    “අනන්ත වු යෞවනයේ සිහින “ තේමා කරගනිමින් නිපදවු Huawei GR5 තවත් පෙරළිකාර හඳුන්වා දීමකි. රන්වන් පැහැයෙන් මිලට ගත හැකි Huawei GR5 ස්මාර්ට්ෆෝනය 13MP, F2.0 පසුපස කැමරාව සමඟ CMOS සෙන්සරයක් සහිත 7cm microshot සහ 5MP ඉදිරිපස කැමරාවකින් යුක්ත වෙයි.

    මෙම අවස්ථාවට එක්වු Huawei Sri lanka හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වැන්ග් මහතා සඳහන් කළේ “ Huawei හි ක්‍රමෝපාය ආයෝජනයේ වැදගත් තැනක් ශ්‍රී ලංකාවට හිමිවන බවයි. සෑම කාණ්ඩයකම පාරිභෝගිකයින්ට සුදුසු ආකාරයේ ස්මාර්ට්ෆෝන් නිපදවන Huaweiමේ වනවිට ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ කීර්තිමත් ප්‍රමුඛ නාමයක් අත් කරගෙන සිටියි. එම සාර්ථකත්වය දක්වා Huawei ගමන් කලේ සිය පාරිභෝගිකයින් ම සන්නාම තනාපතිවරුන් ලෙස කටයුතු කළ නිසා “යැයි ද ඒ මහතා කීය.එමෙන්ම දැරිය හැකි මිල, අලෙවියෙන් පසු අනගි සේවා පහසුකම් සහ විශිෂ්ට පාරිභෝගික සේවාව ද මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව හෙතෙ.ම වැඩිදුරටත් පැවැසීය.

    4 x A72 2.3 GHz processors සහ 4 x A53 1.8 GHz processors සහිත Huawei Mate 8 4000mAh ප්‍රමාණයේ ඉහළ ධාරිතාවයෙන් යුතු බැටරියක් සහිත ස්මාර්ට්ෆෝනයකි. Huawei Mate 8 සාමාන්‍ය භාවිතයේදී දින දෙකකට වඩා වැඩි කාලයක් බැටරිය රඳාපවත්වා ගනියි.

    Huawei GR5 හි කැමරාව සුවිශේෂි වන අතර, සෙල්ෆී ඡායාරූප ලබාගැනීම සඳහා වැඩි පහසුකම් සහිතව සකසා තිබේ. අලංකරණ විධි 10 කින් සහ මද වේග දර්ශන රූගත කළ හැකි පහසුකම් ද මෙහි ඇතුළත් වෙයි. Qualcomm Snapdragon ප්‍රොසෙසරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය, 3000mAh බැටරි බලයකින් යුක්ත වෙයි. එම නිසා සාමාන්‍ය භාවිතයේදී දින තුනක බැටරි කාලයක් සහ වැඩි වශයෙන් භාවිතකිරීමේදී දිනක් දක්වා වන බැටරි ආයු කාලයක් මෙම Huawei GR5 සතුවෙයි.

    සිංගර් ශ්‍රී ලංකා හි සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ Huawei විසින් එළි දක්වන අති නවීන ජංගම දුරකථන තාක්ෂණය සෑම ශ්‍රී ලාංකිකයෙක් වෙත ම සමීප කරවීමට හැකිවීම මහත් භාග්‍යයක් කොට සලකන බවයි. දිවයින පුරා වෙසෙන ජනතාව වෙත තාක්ෂණය රැගෙන යන්නා බවට පත්වීම සතුටට කරුණක් බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

    අති නවීන Huawei Mate 8 ආරක්ෂාව අතින් අද්විතීය නිපැයුමකි. ඇඟිලි සළකුණු හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත මෙම ස්මාර්ට්ෆෝනය සැබවින්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කර දීමට සමත් වෙයි.ඇඟිලි සළකුණු හඳුනා ගැනීමේ සෙන්සරය 100% කින් වේගවත් වන අතර හිමිකරුවාගේ ඇඟිලි සළකුණ අනුව ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වෙයි.

    Huawei GR5 හි ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ තාක්ෂණය ද ඊට නොදෙවෙනි වන අතර එහි සෙන්සරයට අනුව තෙත හෝ වියළි ඇඟිලි වලින් වුව අංශක 360 කෝණයකින් ස්පර්ශ කළ විට ක්‍රියාත්මක වෙයි.

    මෙම නව හඳුන්වාදීම් පිළිබඳව අදහස් දැක්වු Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානී හෙන්රි ලියු මහතා සඳහන් කළේ “සුවිශේෂි අංග රැසකින් සමන්විත Huawei Mate 8 ස්මාර්ට්ෆෝනය දීර්ඝ බැටරි ආයු කාලයකින් හෙබි නිසා කාර්ය බහුල ජීවන රටාවට අතිශයින් සුදුසු බවයි. “ව්‍යාපාරික ලෝකයේ නවීන විලාසිතාව“ යන තේමාවෙන් හඳුන්වාදෙන මෙම ස්මාර්ට්ෆෝනය ඉහළ වෘත්තිකයින් ගේ අවශ්‍යතා අනුව නිපදවා ඇති බවයි. එමෙන්ම ඇඟිලි සළකුණු මඟින් හඳුනාගැනීමේ පහසුකම සහිත Huawei G කාණ්ඩයේ නවතම ස්මාර්ට්ෆෝනය වන Huawei GR5 සුපිරි කැමරා පහසුකම් සහ සුපැහැදිලි ස්පර්ශක තිරයකින් ද යුක්ත වීම නිසා තරුණ පරපුරට අතිශය සුදුසු බව ද හෙතෙම පැවැසීය.දේශිය වෙළඳ පලට ගැලපෙන මෙම නව නිෂ්පාදන මෙරට කීර්තිමත් සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හා එක්ව වෙළඳ පලට හඳුන්වා දීමෙන් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Huawei Mate 8 ස්මාර්ට්ෆෝනයක් රුපියල් 92,499 ක් වන අතර Huawei GR5 ස්මාර්ට්ෆෝනයක් රුපියල් 38,999 ක් වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් සතුව පවතින අලෙවිසැල් 400 කට අධික ප්‍රමාණය සහ 1500 කට අධික සේවා ස්ථාන හරහා මෙම කීර්තිමත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කෙරෙයි. සිංගර් ප්ලස්, සිංගර් මෙගා, සිසිල් වර්ල්ඩ්, සහ දිවයින පුරා පැතිරුණ අලෙවි ජාලයක් සිංගර් සතුව පවතියි.