March, 1, 2016
ලොව සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් වන ‘ද බොඩි ෂොප්‘ (The Body Shop) සිය නවතම අලෙවිසැල ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.
1976 වසරේදී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ටන් ප්‍රදේශයේ දී ‘ද බොඩි ෂොප්‘ ආරම්භ කරන ලදි. ව්‍යාපාරයක් යනු සමාජයට යහපතක් සිදුකිරීම සඳහා භාවිතා කළ හැකි බලවේගයක් ය යන සංකල්පය පදනම් කරගෙන එය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. ස්වභාවිකත්වයට මුල්තැන දෙන, උසස් තත්ත්වයෙන් යුත්, ආචාරධර්ම සහ තිරසාරත්වය සුරකිමින් නිෂ්පාදනය කළ හිසකෙස් සත්කාර නිෂ්පාදන, සම සඳහා වන සත්කාර නිෂ්පාදන සහ රූපාලංකරණ නිෂ්පාදන තිළිණ කරමින් සමාජයේ යහපත් වෙනසක් ඇතිකිරීම සඳහා ද බොඩි ෂොප් උත්සාහ කරයි.
මෙම උත්සාහයේ තවත් පියවරක් ඉදිරියට යමින්, සමාගමේ මෙහෙයුම් කටයුතුවල සියලූම මූලිකාංග මානව කැටිකොටගත් නව ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහනක් ගෝලීය මට්ටමින් දියත් කිරීමට සමාගම මේ මස මුලදී පියවර ගත්තේ ය. ආචාරධර්ම සුරකින ව්‍යාපාර අතර පුරෝගාමියෙකු ලෙස ‘ද බොඩි ෂොප්‘ දිනා ඇති කීර්තිය යළියළිත් තහවුරු කිරීමට මෙය හේතුවක් වනු ඇත. මේ යටතේ 2020 වසර වනවිට සාක්ෂාත් කරගැනීම සඳහා සුවිශේෂී ආයතනික ප්‍රජා සත්කාර ඉලක්ක 14 කින් යුතු තිරසාරත්ව වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට සමාගම පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන නම්කර ඇත්තේ ‘Enrich Not Exploit’ යන නමිනි.
මෙම ඉලක්ක අතරට ‘ද බොඩි ෂොප්‘ නිෂ්පාදන සඳහා භාවිතා කරන ස්වාභාවික අමුද්‍රව්‍ය සියයට සියයක්ම තිරසාර ලෙස සහ මූලාශ්‍රයන් හඳුනාගත හැකි ලෙස සපයා ගැනීම, සිය අලෙවිසල්වල බලශක්ති භාවිතය වසරකට 10% බැගින් අඩු කිරීම සහ සමාගමේ 70% ක නිෂ්පාදන ඇසුරුම්වල පොසිල් ඉන්ධන අඩංගු නොවන බව තහවුරු කිරීම ආදිය ඇතුළත් වේ.
ලොව රටවල් රැසකින් සපයාගැනෙන හොඳම අමුද්‍රව්‍යවලින් ‘ද බොඩි ෂොප්‘ නිෂ්පාදන නිපදවනු ලැබේ. මෙම නිෂ්පාදන සතුන් භාවිතයෙන් පරීක්ෂාවට ලක්කෙරෙන්නේ නැත. මේ වනවිට සමාගම සතුව රටවල් 60 කට අධික සංඛ්‍යාවක අලෙවිසැල් 3,000 කට අධික සංඛ්‍යාවක් පවතී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ද බොඩි ෂොප්‘ ශාඛාව කොළඹ 03 ගාලූ පාරේ ෆෙයාලයින් ගොඩනැගිල්ලේ පිහිටා ඇත. එය විවෘත කිරීම වෙනුවෙන් සුවිශේෂී මාධ්‍ය හමුවක්ද පැවැත්වුණු අතර ඒ සඳහා ද බොඩි ෂොප් හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ජැක්ලීන් ෆනෑන්ඩස් ද සහභාගී වූවා ය. ඊට අමතරව සමාගමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටේරවර් රාජරත්නම් මහතා සහ මෙරට ‘ද බොඩිෂොප්‘ අලෙවිසලේ හවුල්කාරීත්වය දරන සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතාද මීට සහභාගී විය.
සියයට සියයක් ශාඛමය අමුද්‍රව්‍යවලින් සැකසූ ස්කින් කෙයා, බාත්, ෂවර්, බොඩි කෙයා, මේක්-අප්, හෙයා, සුවඳ විලවුන්, පිරිමින් සඳහා වන නිෂ්පාදන සහ තෑගි භාණ්ඩ ද බොඩි ෂොප් වෙතින් ලබාගත හැක. මෙසේ ලොව අතිශයින් ජනප්‍රිය නිෂ්පාදනවලට අමතරව සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සමේ සත්කාර උපදේශන සේවා, මේක්-අප් යෙදීම සහ විශේෂ රූපලාවණ්‍ය සේවා ආදිය පිරිනැමීමටද ද බොඩි ෂොප් කටයුතු කරයි.
“ද බොඩි ෂොප් ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට ලැබීම අපට විශාල සතුටක්. අපේ නිර්මාතෘ ඇනිටා රොඩික් මහත්මියගේ දැක්මට අනුව කටයුතු කරමින් ලෝකයේ වඩාත්ම ආචාරධාර්මික හා තිරසාර රූපලාවණ්‍ය සන්නාමය බවට පත්වීම අපේ ඉලක්කයයි. ශ්‍රී ලාංකිකයන් යනු උසස් තත්ත්වයේ ස්වභාවික නිෂ්පාදන අගය කරන පිරිසක්. ඒ නිසා ඔවුන් වෙත මෙසේ ලෝක මට්ටමේ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පෙළක් සමීප කරවීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.“ සමාගමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ට්‍රෙවර් රාජරත්නම් මහතා පැවසී ය.
“පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් ජනතාවට හොඳම දේ ලබාදීම සඳහා අප කැපවී සිටිනවා. ඒ වගේම වගකීම්සහගත ව්‍යාපාරික ආචාර ධර්ම කෙරෙහි අපි කවදත් විශ්වාසය තබනවා. මෑතකදී අප දියත් කළ ‘Enrich Not Exploit’ වැඩපිළිවෙළ නිසා අපට පෙරටත් වඩා හොඳින් අපේ මෙහෙයුම් කටයුතුවල අනිවාර්ය අංග වන අමුද්‍රව්‍ය, නිෂ්පාදනය, ඇසුරුම්කරණය, ගබඩා කිරීම, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන් සහ ප්‍රචාරණ වැඩසටහන් යන සියල්ලේදීම පරිසරය සුරැකීමට වැඩි වශයෙන් දායක වීමට හැකියාව ලැබේවි.“ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
එමෙන්ම අලෙවිසැල විවෘත කරන අවස්ථාවේදී අදහස් දැක්වූ ‘ද බොඩි ෂොප්‘ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ජැක්ලීන් ෆනෑන්ඩස් මෙසේ පැවසුවා ය. “මම දිගු කාලයක් තිස්සේ ‘ද බොඩි ෂොප්‘ එක්ක සමීපව කටයුතු කරනවා. මේ වගේ ස්වාභාවික සහ යහපත් නිෂ්පාදන ගෙනෙන සමාගමක් අපේ රටේ ශාඛාවක් විවෘත කිරීම මට ලොකු සතුටක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මෙවැනි අවස්ථාවක් ලැඛෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි බව මම දන්නවා. ඔවුන්ටත් දැන් ජාත්‍යන්තර තලයේ නිෂ්පාදන වඩාත් පහසුවෙන් මිලදීගන්න පුළුවන්. ද බොඩි ෂොප් අලෙවිසැලට ගිහින් භාණ්ඩ මිලදී ගන්නා විට මට දැනෙන සතුටම ඔවුන්ටත් දැනේවි.“
“මම ද බොඩි ෂොප් නිෂ්පාදනවලට ඇබ්බැහි වුණු කෙනෙක්. මම ඒවාට ගොඩක්ම කැමති ලෝකයේ රටවල් රැසකින් ලබාගන්නා හොඳම අමුද්‍රව්‍ය මේ නිෂ්පාදනවලට භාවිතා කර තිඛෙන නිසයි. මේ අතරින් මගේ ප්‍රියතම නිෂ්පාදන පෙළ විදිහට ‘ෆූජි ග්‍රීන් ටී බොඩි කෙයා‘ නිෂ්පාදන පෙළ හඳුන්වන්නට පුළුවන්. ග්‍රීන් ටී වල ප්‍රති-ඔක්සිකාරක ගුණාංග ඇතුළත් මේ නිෂ්පාදන පෙළ ‘Sensorial care’ නිෂ්පාදන එකතුවක්. මේ නිෂ්පාදන ඇතුළුව නිසි ස්වභාවික නිෂ්පාදන භාවිතා කිරීමෙන් ශරීරය පිරිසිදු කරගන්නටත්, නිරෝගී කරගන්නටත් හැකිවෙනවා.“ ඇය වැඩිදුරටත් පැවසුවා ය.
සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතා අවධාරණය කළේ ‘ද බොඩි ෂොප්‘ යනු තමන් ඛෙහෙවින් ගෞරව කරන, සහ සොෆ්ට්ලොජික් සමූහයේ වටිනාකම්, දැක්ම සහ සංස්කෘතියට පදනම් වී ඇති මූලධර්මම පිළිපදින සමාගමක් බවයි. ඒ නිසා එම සමාගමේ අලෙවිසැලක් කොළඹ නගරයේ විවෘත වීම ගැන තමන් ඛෙහෙවින් සතුටු වන බව ඔහු පැවසී ය.
Video Story