March, 2, 2016
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙරට විශාලතම වාස්තුවිද්‍යා ප්‍රදර්ශනය ප්‍රායෝගික වාස්තුවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදා ගැනෙන නවතම නිෂ්පාදන සහ සේවාවන් රැසක් ජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් සාර්ථකව නිම විය. Members' Work & Trade Exhibition 2016 ලෙස නම් කර තිබූ මෙවර වාස්තුවිද්‍යා ප්‍රදර්ශනයේදී මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන විවිධාංගිකරණ සමාගමක් වන Ceyoka සමාගම ලබා දෙන අසමසම ආරක්ෂක සහ ජලවාරක විසඳුම් දැකබලා ගැනීමටත්, ඒ පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමටත් ජනතාවට හැකි විය.
රොක්වූල් (Rockwool) සහ ග්ලාස්වූල් (Glasswool) ආදී ආරක්ෂක අමුද්‍රව්‍ය රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, Ceyoka ඉංජිනේරු අංශය බලශක්තිය ඉතිරි කිරීම, තිරසාරත්වය ඇති කිරීම සහ නව හරිත ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රමවේදවල වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කළේය.
ඵලක, නල සහ බ්ලැන්කට් ඇතුළු ග්ලාස්වූල් (Glasswool) සහ රොක්වූල් (Rockwool) නිෂ්පාදන Ceyoka ප්‍රදර්ශන කුටියේදී ප්‍රදර්ශනය කෙරිණි.
ශබ්ද ප්‍රතිරෝධී බව, සැහැල්ලු බව, ඉහල ආතත්ය හැකියාව සහ අසමසම ප්‍රත්‍යස්ථතාව හේතුවෙන් ආරක්ෂක විසඳුමක් ලෙස ග්ලාස් වූල් ලොව පුරා භාවිතා කෙරේ. එය සිවිලිමට ඉහලින්, වහලට පහළින්, නිවෙස්වල, කර්මාන්තශාලාවල සහ ගොඩනැගිලිවල ක්ලැඩින්වලට පහළින් විශේෂයෙන් යෙදිය හැකිය.
මීට අමතරව, නැව් නිෂ්පාදනය, බොයිලේරු ශීතකරණ, වායුසමන නාල, උඳුන් සහ ගින්නට ඔරොත්තු දෙන දොර සඳහා ද ග්ලාස්වූල් (Glasswool) බහුලව භාවිතා කෙරේ.
පාෂාණ යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන රොක්වූල් (Rockwool) සතු ගින්නට ප්‍රතිරෝධී බව හේතුවෙන්, දිගුකාලීන වශයෙන් තාපයට ඔරොත්තු දීමේ හැකියාව, පුළුල් ස්ථායීතාව සහ ශබ්ද උරා ගැනීමේ හැකියාවෙන් මෙය සමන්විත වේ.
කාර්මික ගොඩනැගිලි, කර්මාන්තශාලා වහල හා බිත්ති, ගබඩා, නැව් නිෂ්පාදනය, ටැංකි, බොයිලේරු, උඳුන් සහ අධික උෂ්ණත්වයේ පවතින ද්‍රව සහ වාෂ්ප නල සඳහා මෙය බහුලව භාවිතා කෙරේ.
"දේශීය වෙළඳපලට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද අපගේ ග්ලාස්වූල් සහ රොක්වූල් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා 2016 වාස්තුවිද්‍යා ප්‍රදර්ශනය මනා පිටිවහලක් වුණා. අපගේ නිෂ්පාදන ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් සැපයුම්කරුවන්ගෙන් අප වෙත ලැබෙන අතර, ඒවා ශක්ති පිරිමැසුම්දායක බවට සනාථ කර ඇත. එපමණක් නොව, කිසියම් ගොඩනැගිල්ලක් ආරක්ෂක සහ ශක්ති පිරිමැසුම්දායක ක්‍රමවේදයන්ගෙන් නිමවීම මගින් එම ගොඩනැගිල්ලේ සමස්ත වටිනාකම ද වැඩි වනවා." Ceyoka සමාගමේ ආරක්ෂක අංශයේ කළමනාකාර යසිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Ceyoka සමාගම පාරිභෝගිකයා වෙනුවෙන් උසස්ම ප්‍රමිතියෙන් යුතු ජලවාරක විසඳුම් ලබා දීම වෙනුවෙන් ද කැප වෙයි. වාස්තුවිද්‍යා ප්‍රදර්ශනයේදී bituminous sheets, injection grouting, membrane, external wall applications, sealant products සඳහා යොදන යෙදවුම් ඇතුළු විවිධ වර්ගයේ ජලවාරක විසඳුම් රැසක් Ceyoka සමාගම ප්‍රදර්ශනය කර තිබිණ.
මෙම නිෂ්පාදන නාන කාමර, බැල්කනි, වහලවල ස්ලැබ්වල, වතුර ටැංකි වල, අභ්‍යන්තර සහ බාහිර බිත්ති, බිම් මහල හා ගොඩනැගිලි අලුත්වැඩියාවන් සඳහා යෝග්‍ය වේ.
බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කෙරෙන මෙම ජලවාරක නිෂ්පාදන සඳහා ISO සහතිකය ද හිමි වී ඇති අතර, ඒවා ලොව ප්‍රමුඛතම සැපයුම්කරුවන්වන මැලේසියාව, ඔස්ට්‍රේලියාව, ඊජිප්තුව ආදී රටවලින් ආනයනය කෙරේ.
දේශීය වෙළඳපලට ජලවාරක විසඳුම් ලබා දීමේ 15 වසරක අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන Ceyoka සමාගම, සිය ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමකින් යුතු කාර්යමණ්ඩල බලඇණියකින් සමන්විත වේ.
සමාගම සතු මෙම විශේෂඥතාව ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විශේෂ ඇගයුමට ලක්ව ඇත. John Keells Waterfront ව්‍යාපෘතිය, කොස්ගොඩ සමුද්‍රා හෝටලය, බේරුවල LOLC හෝටලය, කොග්ගල පිහිටි ආයෝජන මණ්ඩල කලාපීය මහාපරිමාණ ජල සැපයුම් ව්‍යාපෘතිය සහ Baurs සමාගමේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සඳහා Ceyoka සමාගම සිය දායකත්වය ලබා දෙයි.
"Ceyoka සමාගම සතු විශිෂ්ට තාක්ෂණ දැනුම සහ වසර පහළොවක අත්දැකීම් සම්භාරය තුළින් නිෂ්පාදන පෙළ, ප්‍රමිතිය සහ පාරිභෝගික සේවාව යන අංශයන්හි විශිෂ්ටතම ජලවාරක විසඳුම් ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා." Ceyoka Engineering සමාගමේ ජලවාරක අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්න රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේය.
Video Story