SLIIT සිසුවියක වන රුවිනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ටේබල් ටෙනිස් ක‍්‍රීඩාව වෙනුවෙන් පදක්කම් ත‍්‍රිත්වයක් දිනාගනියි

    March, 4, 2016

    මෙරට ප‍්‍රමුඛපෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT වෙතින් අධ්‍යාපනය හදාරන රුවිනි කන්නග්ගර පසුගියදා පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ටේබල් ටෙනිස් ක‍්‍රීඩාවෙන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත්වූවාය. SLIIT, ඉංජිනේරු විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන දෙවන වසර සිසුවියක වන රුවිනි ටේබල් ටෙනිස් ක‍්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන්නීය. මැලේසියාවේදී පැවැත්වීමට නියමිත Perfect ලෝක ශූරතා ටේබල් ටෙනිස් තරගාවලියට මෙරට නියෝජනය කරමින් තරගවැදීමට ද රුවිනි සූදානමින් සිටින්නීය.

    ‘‘රුවිනිගේ සුවිශේෂී ජයග‍්‍රහණ අපට දැඩි ආඩම්බරයක් හිමිකරදෙනවා. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රුවිනි දිනාගත් ජයග‍්‍රහණ තුළින් SLIIT උසස් අධ්‍යාපන ආයතනයට පමණක් නොව අප රටට ද සුවිශාල ගෞරවයක් අත්වී තිබෙනවා. අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම බාහිර ක‍්‍රියාකාරකම් වලදී ද සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන සිසුන්ට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සහයෝගය අඛණ්ඩව ලබාදීමට අප කටයුතු කරනවා.’’ ටේබල් ටෙනිස් ක‍්‍රීඩාව වෙනුවෙන් රුවිනි පෙන්නුම් කරන සුවිශේෂී දක්ෂතා පිළිබඳ සඳහන් කළ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය.

    ‘‘ක‍්‍රීඩා වලට සහභාගී වීම, විවිධ සංගම් හා සමාජ කටයුතු වලට ක‍්‍රියාකාරීව දායක වීම සිසුන්ගේ ජීවිතයේ අත්‍යවශය කොටසක් ලෙස නම්කළ හැකියි. මෙවැනි වැඩසටහන් මගින් සුවිශේෂී මතක සටහන් සිසුන්ට හිමිවෙනවා මෙන්ම ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනයට හා සදාකාලික මිතුරන් හිමිකරදීමට ද අවස්ථාවක් හිමිවෙනවා.’’ ලලිත් ගමගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.

    ‘‘දේශීය මෙන්ම විදේශීය ටේබල් ටෙනිස් තරග වලට සහභාගී වී අධ්‍යාපන මෙන්ම ක‍්‍රීඩා කටයුතු ද ද සමබරව සිදුකරගෙන යෑමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය මට සුවිශාල ශක්තියක් ලබාදුන්නා. ඉංජිනේරු විද්‍යාව උපාධි පාඨමාලාව බොහෝ න්‍යායික කරුණු වලින් සමන්විත වූවක් වන අතර ක‍්‍රීඩා කටයුතු හා අධ්‍යාපනය සමබරව සිදුකරගෙන යෑමට දැවැන්ත සහයෝගයක් ලබාදුන් මගේ මිතුර මිතුරියන්ට හා ආචාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුදකිරීමට කැමතියි.’’ රුවිනි කන්නග්ගර පැවසුවාය.

    සේයා රූ සටහන - SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා, රුවිනි කන්නග්ගර හා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා