March, 7, 2016
Viva පාරිභෝගිකයින්ට නව නිෂ්පාදන හඳුන්වාදෙමින් වෙළෙඳපොළ තුළ වෙනසක් සිදුකිරීමට සමත් වූ සන්නාමයකි. Viva නවතම මුහුණුවර වන 'දිරිය ශක්තියෙන් ඉදිරියට' තේමාව සමග මේ උත්සව සමයේ වෙළෙඳපොළ තුළ නව වෙනසක් සිදුකිරීමට Viva සමත්වී ඇත.
මෙරට වෙළඳපල තුළ සිදුකළ පර්යේෂණ ඇසුරින් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින් Viva 'දිරිය ශක්තියෙන් ඉදිරියට' තේමාව හඳුන්වාදී ඇත. Viva මගින් මෙරට වෙළඳපල පදනම් කරගනිමින් සිදුකළ පර්යේෂණයේදී හඳුනාගත හැකිවූයේ තරුණ පිරිස් දැඩි උනන්දුවෙන් යුතුව දියුණුවීමේ අරමුණින් කටයුතු කරන බවයි.
''නව ව්‍යාපාර, නව අධ්‍යාපන අවස්ථා හිමිකරගනිමින් සාර්ථකත්වය ළගාකර ගැනීමට කටයුතු කරන මේ තරුණ පිරිස් තුළින් අප දුටුවේ දිරිය ශක්තිවන්තයින්ගේ මනසයි. ඔවුන්ගේ ජීවිතයේ සිදුවන හැලහැප්පීම්, කඩාවැටීම් හමුවේ වුවත් අපේක්ෂිත අරමුණු ජයගැනීමට ගමන් කරනවා. මෙවැනි අවස්ථාවකදී දෛනික ආහාරවේල නිසි වේලාවට ලබාගැනීමට පවා ඔවුන්ට හැකිවන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය පෝෂණය හා ශක්තිය ලබාගැනීමට Viva වලට උපකාරී විය හැකියි. බොහෝවිට දෛනික ආහාරවේලත් සමග Viva පානය කිරීම වඩාත් සුදුසුවෙනවා. මෙරට වෙළඳපොලෙන් 18] ක පමණ කොටසක් හිමිකරගැනීමට Viva වලට හැකිවී ඇති අතර මෙම හඳුන්වාදීම නවතම වෙනසක් වනු ඇති බව නොඅනුමායි.'' Viva නව මුහුණුවර පිළිබඳ අදහස් දැක්වූ Viva, පෝෂණ කාණ්ඩ කළමනාකරු, දර්ශන ජයසිංහ මහතා පැවසුවේය.
Viva වල ඇති සුවිශේෂී පෝෂ්‍ය පදාර්ථ මගින් දවස පුරා දිරිය ශක්තිය ලබාගැනීමට දැඩි දායකත්වයක් ලබාදෙයි. විශේෂයෙන්ම, Viva වල අන්තර්ගත ශක්ති පෝෂක සංඝටක සහ ශක්තිය මුදාහරින පෝෂක මගින් මේ සඳහා ප්‍රබල දායකත්වයක් හිමිකරදෙයි. දවස පුරා දිරිය ශක්තිය ලබාගැනීමට Viva වල අන්තර්ගත විටමින් වන B1, B2, B3 වැනි සංඝටකයන් මගින් ලබාදෙන අසමසම දායකත්වයක් ලබාදෙයි. දවසේ කටයුතු අතරතුරදී මෙන්ම ආහාර හා ව්‍යායාම් සැලසුම් වල කොටසක් ලෙස වුවත් Viva මගින් දිරිය ශක්තිය දෛනිකව පවත්වාගැනීමට හැකිවීම නිසා දිරිය ශක්තිවන්තයින්ට මනාව ගැළපෙන පානය ලෙස Viva නම්කළ හැකිය.
''Viva මෙතෙක් කලක් පුරා විවිධ අත්හදාබැලීම් මෙන්ම වෙළඳපලට නව හඳුන්වාදීම් ඉදිරිපත් කළා. එහිදී Viva පසුගිය කාලයේදී සිදුකළ කාර්යයන් පාරිභෝගිකයින්ගේ මතකයේ රැඳී තිබෙන බව අපට විශ්වාසයි. ලීටර් 4000 ක ධාරිතාවයෙන් යුතු තේ කෝප්පයක් හඳුන්වා දෙමින් 2010 දී ගිනස් වාර්තාවක් තැබීමට හැකිවුණා. එමෙන්ම, Viva Ginger වැනි හඳුන්වාදීම් තුළින් පාරිභෝගිකයින්ට නවතම රසයක් හඳුන්වාදුන්නා. පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ඔවුන් උදෙසා නවතම නිෂ්පාදන හඳුන්වාදෙන අතරම Viva සමග ළබැඳි පාරිභෝගිකයින් වෙත වඩාත් වටිනා යමක් පිරිනමමින් ඉදිරියටත් මෙරට වෙළඳපල තුළ කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.'' Viva නවතම හඳුන්වාදීම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ දර්ශන ජයසිංහ මහතා පැවසුවේය.
Viva නවතම මුහුණුවර වන 'දිරිය ශක්තියෙන් ඉදිරියට' සමග ඔබත් එක්වී නැවුම් වෙනසක් අත්විඳින්න.
සේයා රූ සටහන - Viva, පෝෂණ කාණ්ඩ කළමනාකරු - දර්ශන ජයසිංහ මහතා
Video Story