ශ්‍රී ලංකාව පිළිබඳ නවතම කෘතිය ග්‍රන්ථ ප්‍රකාශක විජිත යාපා ජනාධිපතිතුමාට පිළිගන්වයි

    March, 7, 2016

    ග්‍රන්ථ ප්‍රකාශක විජිත යාපා මහතා සහ ගත්කතුවරියක වන චන්ද්‍රාණී වර්ණසූරිය මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඇය විසින් රචිත ග්‍රන්ථය පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වන ලදී.

    ‘Sri Lanka Changing Faces of a Country‘ නම් වන මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සුවිශේෂී සම්පත් සහ සුන්දරත්වය මෙන්ම සියවස් ගණනාවක් පුරා සිදුවූ වෙනස්කම් පිළිබඳව අවධානය යොමුකර තිබේ. මෙම කෘතිය මගින් මෙරට ඓතිහාසික වර්ධනය සහ දේශපාලන මෙන්ම සමාජ ආර්ථීක පරිවර්තනයන් ඉතාමත් පුළුල් ලෙස ආවරණය කර තිඛෙන අතර සංස්කෘතිය නිරූපණය කරන සිත්ගන්නා සුළු සේයාරු වලින් කෘතිය හැඩවී ඇත. මීට අමතරව, සාමාන්‍ය පාඨකයින්ට අවශ්‍ය පුළුල් තොරතුරු සහ ශක්තිමත් පසුබිම් දැනුමක් මෙම කෘතිය මගින සපයා තිඛෙන අතර සිසු දරුවන්ට ඔවුන්ගේ විෂය නිර්දේශයට අදාළ තොරතුරුද මෙමගින් ලබාගැනීමේ හැකියාව තිබේ.

    ඝන පිටකවරයකින් සමන්විත මෙම කෘතිය වර්ණවත් සේයාරු ඇතුළත් කරමින් මුද්‍රණය කර තිඛෙන අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ ජනාධිපතිවරණය දක්වා කරුණු කාරණා මෙම කෘතියට ඇතුළත් කර තිබීමද කැපී පෙනේ.