සිංගර් මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්” බවට පත්වෙයි

    March, 7, 2016

    නවතම සිංගර් X Series Note Book පරිගණක සඳහා නියම Windows 10 මෙහෙයුම් පද්ධතියක්

    සිංගර් ශ්‍රී ලංකා ලොව ප්‍රමුඛ පරිගණක මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්“ බවට පත්වෙයි. මෙම “ නිර්දේශිත “ තත්වය පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ.එම අවස්ථාවට ආසියා පැසිෆික් කලාපයේ මයික්‍රොසොෆ්ට් උප සභාපති අයිවන් පැප්, ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා වන මයික්‍රොසොෆ්ට් ප්‍රධානි බ්‍රයන් කෙලී, අග්නිදිග දිග ආසියානු කලාපයේ OEM අධ්‍යක්ෂ පුබුදු බස්නායක, සිංගර් ශ්‍රී ලංකා සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්, වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන , ඉලෙක්ට්‍රොනික් සහ ඩිජිටල් මීඩියා අලෙවි කළමණාකරු වජිර තෙන්නකෝන් සහ සිංගර් පරිගණක සන්නාම කළමණාකරු දයාලන් එම්මානුවෙල් යන මහත්වරු සහභාගි වුහ.

    දේශිය පරිගණක වෙළඳ පොලේ ප්‍රමුඛයා වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම වෙත ජාත්‍යන්තර කීර්තියට පත් පරිගණක මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් වෙතින් මෙම “නිර්දේශිත නාමයෙ” පිරිනැමීම සුවිශේෂි අවස්ථාවකි. මෙමඟින් මයික්‍රොසොෆ්ට් සහ ඉන්ටෙල් යන ලොව ප්‍රමුඛ මෙහෙයුම් පද්ධති සමඟ සම්බන්ධ වීමට සිංගර් පරිගණක සඳහා අවස්ථාව සැලසෙයි.මේ හරහා සිංගර් පරිගණක සඳහා ජාත්‍යන්තර වටිනාකමක් එක්වෙයි. මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාමයත් සමඟ වෙළඳ පලට එන සිංගර් පරිගණක පිළිබඳ පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු වෙමින් සිංගර් සතු පාරිභෝගික ජාලය වඩ වඩාත් පුළුල් කර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවෙයි.

    මෙම නිර්දේශිත නාමයත් සමඟ සිංගර් පරිගණක මයික්‍රොසොෆ්ට් හා බැඳුනු ලොව ප්‍රමුඛ පරිගණක වෙළඳ නාම අතරට එක්වනු ඇත. ලොව පුරා ප්‍රමුඛ පරිගණක සමාගම් රැසක් මේ වනවිට මයික්‍රොසොෆ්ට් හි නිර්දේශිත නාම බවට පත්ව සිටියි. මෙම නව ගිවිසුම අනුව ජාත්‍යන්තර ප්‍රමුඛ පෙලේ නිර්දේශිත පරිගණක වෙළඳ නාමයක් ලෙස සිංගර් පරිගණක ද හැඳින්වෙනු ඇත. එය දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද සිංගර් (ශ්‍රී ලංකා) සමාගම ලැබු ජයග්‍රහණයකි.

    මයික්‍රොසොෆ්ට් හි ආසියානු පැසිෆික් කලාපයේ උප සභාපති අයිවන් පැප් මහතා සඳහන් කලේ “ලොව පුරා ව්‍යාප්ත වු මයික්‍රොසොෆ්ට් නිර්දේශිත නාම ජාලය අතරට සිංගර් වැනි පාරිභෝගික විශ්වාසය දිනු සමාගමක් එක්වීම පිළිබඳ සමාගම සතුටට පත්වන බවයි. මේ අනුව මයික්‍රොසොෆ්ට් විසින් නිපදවන එකිනෙකට වෙනස් වු නිපැයුම් මෙරට පාරිභෝගිකයා වෙත තිළිණ කිරීමේදී සිංගර් කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

    මෙහිදී අදහස් දැක්වු සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ වෙළඳ හා අලෙවි කළමණාකාර මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ උසස් තත්වයේ නිෂ්පාදන පාරිභෝකයා වෙත තිළිණ කරන සමාගමක් ලෙස විශ්වාසය දිනූ සිංගර් තත්වයෙන් උසස් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණ මෙමඟින් සාක්ෂාත් කරගත් බවයි.නිරන්තරයෙන් පාරිභෝගිකයින් වෙත වඩාත් හොඳ දේ තිළිණ කිරීමට කැපවු සිංගර් ලෝ ප්‍රමුඛතම මයික්‍රොසොෆ්ට් එක්වීමෙන් නවීන තාක්ෂණය කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබා දීම පහසු කරවනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

    සිංගර් X Series Notebooks අති නවීන Intel 6th Generation ප්‍රොසෙසරයක් සහිතව වෙළඳ පොලට නිකුත් වෙයි. මෙම පරිගණක වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වන අතර අන්තර්ජාලයට පිවිසීම සහ අනිකුත් කටයතු එමඟින් වඩා පහසු කරවයි. සිංගර් X Series ඩෙස්ක්ටොප් පරිගණක සහ ලැප්ටොප් මෙන්ම ඩෙල් වෙළඳ නාමය යටතේ වන පරිගණක ද සිංගර් වගකීමේ සහතිකය යටතේ පාරිභෝගිකයින්ට මිලදී ගත හැක.