ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය තේමාව යටතේ ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන රැසක් ආලෝකමත් කරයි

    September, 21, 2023

    ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් අලුත් නුවර ශ්‍රී මහ දැඩිමුණ්ඩ දේවාලයදෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය,  සබරගමුව මහ සමන් දේවාලයදැරණියගල සමන් දේවාලය සහ දඹදෙණිය රජ මහා විහාරයයන ඓතිහාසික ස්ථාන 05 ආලෝකමත් කරන ලදී. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව වාර්ෂික ඇසළ උත්සවයට සමගාමීව මෙම ආලෝක පූජාව සිදු කරන ලදී.

    ස්වදේශී සමාගමේ සභාපතිනිඅමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා සත්කාර වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ "ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජා සත්කාරයන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතරශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා" යනුවෙනි. මෙම ආලෝක පූජාව අතරතුර ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරමින් වර්ණවත් පෙරහැරක් ද පැවැත්විණි

    අලුත්නුවර ශ්‍රී මහ දැඩිමුණ්ඩ දේවාලයදඹදෙණි රාජධානි සමයේ ගොඩ නගන ලද්දකි. දෙවන පරාක්‍රමභාහු රජු ශ්‍රී පාදය වෙත යන අතරතුරඅලුත්නුවර හරහා ගමන් කරන විටඑම ස්ථානය දැක පැහැදීවිහාරස්ථානයට දේපළ පරිත්‍යාග කිරීමට තීරණය කළ බවට විශ්වාස කෙරේ.

    පෘතුගීසීන් විසින් විනාශ කරන ලද පළමු උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය ක්‍රිස්තු වර්ෂ 661 දී  ධාපුළුසෙන් රජු විසින් ඉදි කරන ලද්දකි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුන් වහන්සේගේ පරිණිර්වාණයට පෙර ශ්‍රී ලංකාවේ බුදු දහම ආරක්ෂා කරන ලෙස උන්වහන්සේ ‘ශක්‍ර’ දෙවියන්ගෙන් ඉල්ලා ඇත. ‘ශක්‍ර’ දෙවියන් මේ රාජකාරිය  ‘උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු’ දෙවියන්ට පවරා ඇත.

    ශ්‍රී ලාංකේය ඉතිහාසයේ (ක්‍රි.ව. 1581 සිට ක්‍රි.ව. 1592 දක්වා) වසර 11ක් පුරාවට සබරගමුව මහා සමන් දේවාලයේ ශ්‍රී දළදා සමිඳුන් තැන්පත් කර ඇත. එය 13වන සියවසේ දෙවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ දී ඉදි කරන ලද්දකි. දැරණියගල සමන් දේවාලයපුරාණ විහාරස්ථානය එම ප්‍රදේශයට මහඟු සම්පතකි. මෙම දේවාලය 11 වන රාජසිංහ රජුගේ යුගයට අයත් වේ.

    දඹදෙණිය රජ මහා විහාරය දෙවන පරාක්‍රමබාහු රජ සමයේ ඉදි කරන ලද්දකි.  දළදා පෙරහැර ආරම්භ වූයේ වසර 13ක් පුරාවට වැඩ සිටි දළදා සමිඳුන් වැඳපුදා ගැනීමටයි. 2013 වසරේ දීස්වදේශී සමාගමේ සභාපතිනීඅමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලාඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ 'ශ්‍රී දළදා මාළිගාවසහ පෞරාණික බිතු සිතුවම් අලුත්වැඩියා කරන ලදි. 

    අමරි විජයවර්ධන මැතිණිය1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

    කතරගම කිරි වෙහෙරරුහුණු මහ කතරගම දේවාලයමහනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලයරිදීගම රිදී විහාරයලංකාතිලක රජ මහා විහාරයඅම්මඩුව කුඩා කතරගම දේවාලයසංඛපාලි රජ මහා විහාරයකොළඹගම රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ඓතිහාසික ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ද ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

    100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශීසියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිආගමික ස්ථානපාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

    ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹරාණි සඳුන්ස්වදේශී කොහොඹ බේබිපර්ල්වයිට්සේෆ්ප්ලස්ලක් බා(ර්)බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වනස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.

    ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතරසෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතරසතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹරාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතරඑයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

     

    Photo Caption: ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිඅමරි විජයවර්ධන මැතිණියඅලුත් නුවර ශ්‍රී මහා දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේමහින්ද්‍ර රත්වත්තේ මහතා සහ ස්වදේශී ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්