September, 22, 2023
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023 සැප්තැම්බර් 19 වන දින අනුරාධපුරයේ ගෝල්ඩන් මැන්ගෝ රිසොර්ට්හිදී ආයෝජක සම්මන්ත්‍රණක් පවත්වන ලදී.
ආයෝජනය පිළිබඳ අධ්‍යයනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.
ආයෝජනය පිළිබඳ අධ්‍යයනයේ සහ ආයෝජකයන්ගේ සුරක්ෂිතතාවයේ වැදගත්කම පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දුන්, 230 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ බහුතරයක්, ප්‍රදේශයේ වෘත්තිකයන් සහ ව්‍යාපාර ප්‍රජාව වීම විශේෂයකි.
SEC හි බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා විසින් ආයෝජන, ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය සහ කොටස් වෙළෙඳපොලේ ආයෝජනයේ වාසි සහ අවාසි පිළිබඳව මූලික දැනුමක් ලබා දෙන ලදී. CSE ජංගම යෙදුම (Mobile App) පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE හි ජ්‍යෙෂ්ඨ විධායක (Digital Products), ශානිකා රාමනායක මහත්මිය විසින් පවත්වන ලදී.
තවද, LOLC සෙකියුරිටීස් පුද්ගලික සමාගමේ (LOLC Securities (PVT) Ltd) නියෝජ්‍ය කළමනාකරු – ආර්ථික සහ කොටස් පර්යේෂණ, නලින් සදීෂ් මහතා විසින් ආංශික කාර්යය සාධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
තවද, නිමල් කුමාරසිංහ, නලින් සදීෂ් සහ CSE ජේෂ්ඨ උප සභාපති - අලෙවිකරණය නිරෝෂන් විජේසුන්දර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි.
තවද, කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජක උපදේශකයින් සහ ඒකක භාර සමාගම්වල නියෝජිතයින් හමුවීමට ද සහභාගිවන්නන්ට අවස්ථාව ලැබුණි.
මුල්‍ය සාක්ෂරතාවේ වැදගත්කම හුවා දක්වමින් ආයෝජන අධ්‍යාපනය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා, බදුල්ල, පානදුර, ත්‍රිකුණාමලයේ, අම්පාර, මඩකලපුව සහ මීගමුව ප්‍රදේශවල ආයෝජක සම්මන්ත්රණ SEC සහ CSE විසින් මෙම වසරේදී පවත්වන ලදී.
ඡායාරූපය : (L-R) SEC හි බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා, LOLC සෙකියුරිටීස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය කළමනාකරු – ආර්ථික සහ කොටස් පර්යේෂණ, නලින් සදීෂ් මහතා සහ CSE ජේෂ්ඨ උප සභාපති - අලෙවිකරණය නිරෝෂන් විජේසුන්දර මහතා.
Video Story