March, 8, 2016
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තාවන්ට අදහස් දැක්වීමට නිදහස් ඉඩක්
BBDO Lanka ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය තහවුරු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් අරඹයි. මේ යටතේ විශ්වාසය පිළිබඳ පරතරයට මුහුණ දීම සම්බන්ධයෙන් වන මෙරට ප්‍රමුඛ පොලේ කාන්තාවන්ගේ අදහස් සමාජගත කිරීමට කටයුතු යොදා තිබේ. මේ ඔස්සේ කාන්තාව පොදුවේ මුහුණ දෙන ගැටළු පිළිබඳව පුළුල් සංවාදයක නිරතවීමට අවස්ථාව සැලසෙයි.
#ConfrontTheConfidenceGap ලෙස නම් කර ඇති මෙම වැඩසටහනට http://confronttheconfidencegap.tumblr.com/ ඔස්සේ සම්බන්ධ විය හැකිය. එහිදී ප්‍රමුඛ කාන්තාවන්ගේ අදහස් දැනගැනීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවෙයි.
The confront the confidence gap සිය හැකියාව සහ කුසලතාව පිළිබඳ නිසි දැනුමක් සහ එහි වටිනාකම පිළිබඳව කාන්තාවන්ට අවබෝධ කරවීම සිදුකරයි.එමෙන්ම සමාජයේ ක්‍රියාත්මක වීමේදී විරුද්ධ වීමට හා බලපෑම් කිරීමට කාන්තාවට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරේ.
BBDO Asia හි පාරිභෝගික ජාලයේ ප්‍රමුඛ සමාගම් වන P&G, Fonterra, Visa, HP and J&J, යන ආයතන හා සම්බන්ධවෙමින් නිර්මාණය කළ වීඩියෝ පට රැසක් මෙම වෙබ් අඩවියේ ඇතුළත් කර තිබේ. එම වීඩියෝපටවල අදහස් දක්වන ප්‍රමුඛ කාන්තාවන් තම තමන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම සහ ශක්තිය හඳුනාගැනීම පිළිබඳව අදහස් දක්වයි. කෙටි චිත්‍රපට ආකාරයට සකසා ඇති මෙම වීඩියෝ පට සම්බන්ධයෙන් සිය මතය දැක්වීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති අතර මෙම වීඩියෝ පට facebook ඇතුළු BBDO හි සියලු නාලිකා වල ප්‍රදර්ශනය කර තිබේ.
BBDO Singapore හි සැලසුම් ප්‍රධානි රෙබෙකා නඩිලියෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ “මෙම කරුණ ඉස්මතු කිරීම මිතුරන් සහ සමීපතමයින් ගෙන් ඇරඹු නමුත් මේ වනවිට ක්ෂේත්‍රයේ නවීනයින් සහ ප්‍රවීනයින් දක්වා විහිදී ගොස් ප්‍රධාන කථාබහක් බවට පත්ව ඇති බවයි.කෙසේ නමුත් කාන්තාවන් පිළිබඳව කාන්තාවන් තුළ පවතින අදහස් මතුකර දැක්වීමෙන් සැබෑ ලෙසම කාන්තාව මුහුණ දී සිටින තත්වහ හෙළිදරව් කරගත හැකි බව අපගේ විශ්වාසයයි “ යනුවෙනි.
BBDO Asia හි ප්‍රධාන විධායක සහ සභාපති ජීන් පෝල් බර්ග් සඳහන් කරන්නේ “පොදුවේ සමාජයේ සියලු දෙනාටම බලපාන කරුණක් පිළිබඳව මතයක් ගොඩනැගීමට දායක වීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. වත්මන් කාන්තාව පත්ව ඇති තත්වය සහ ඔවුන්ට ළඟා විය හැකි ඉලක්ක පිළිබඳව සැබෑ අදහසක් මතුවන ආකාරයේ පුළුල් සංවාදයක් ගොඩානැගීම මෙහි අරමුණ බවද හෙතෙම සඳහන් කරයි.කාන්තා පාර්ශවයට මෙන්ම පුරුෂ පාර්ශවයටද #ConfrontTheConfidenceGap බෙහෙවින් වැදගත් වනු ඇති බවද ඇය සඳහන් කළාය.
BBDO Srilanka හි ජ්‍යෙෂ්ට ගිණුම් අධ්‍යක්ෂිකා චනිති ගුණසේකර පැවැසුවේ BBDO Asia හි සමාජමය කාර්ය භාරය පිළිබඳව මෙම වැඩසටහන මඟින් මැනවින් පැහැදිලි වන බවයි.විශ්වාසය පිළිබඳ පරතරය අවම කිරීම සඳහා වන #ConfrontTheConfidenceGap සමඟ සියලු දෙනාටම සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇති බවද ඇය පැවසුවාය.විශේෂයෙන් 56% ක කාන්තා නියොජනයක් සහිත BBDO Srilanka මෙම අවස්ථාව අගනා අවස්ථාවක් කොට සලකන බව ද ඇය පෙන්වා දුන්නේය.
“මෙරට ජනගහනයෙන් 52% ක් වන කාන්තාවන් වුව ද බොහෝ ක්ෂේත්‍ර වලදී කාන්තාවන්ට ලැබී ඇති අවස්ථා ප්‍රමාණවත් නොවන බවත්, මෙවැනි සංවාදයන් මඟින් තම හැකියාවන් සහ දක්ෂතා පිළිබඳව කාන්තාවන් තුළ විශ්වාසය තහවුරු කිරීම මඟින් එම අවස්ථා ප්‍රමාණය පුළුල් කර ගත හැකි බවත් BBDO lanka හි නිර්මාණ සමුහ ප්‍රධානී වයෝමි අබේවික්‍රම පැවසුවාය.එමෙන්ම මෙවැනි කටයුත්තකට පෙරමුණ ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් ඇය සඳහන් කරයි.මෙම අවස්ථාව කාන්තාවන්ට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.
BBDO lanka හි කළමණාකාර අධ්‍යක්ෂ සන්තෝෂ් මෙනන් සඳහන් කලේ “කාන්තාවන්ගේ බලය දිනපතා කාර්යාල පරිශ්‍රය තුළදී තමන් අත් දකින බවයි.මේ නිසා ඒ පිළිබඳ විස්තර කළ යුතු නැති අතර සමස්ත කාන්තාවන් ඒ ආකාරයට සිය ශක්තිය හඳුනාගනිමින් කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව ද ඔහු සඳහන් කර තිබේ. එලෙස පවතින දක්ෂතා සහ කුසලතා හඳුනා ගැනීම සඳහා මෙහිදී කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Video Story