March, 9, 2016
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් කලාපීය වෙළද ප්‍රවර්ධන ආයතනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාව සාර්ක් කලාපීය නිර්බාධා වෙළදාම යහපත් මට්ටමින් පවත්වාගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කිරීම සදහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එම වැඩසටහන් මාලාව තුළ ප්‍රායෝගික වෙළද ප්‍රවර්ධන වැඩමුළු මගින් ව්‍යවසායක ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රධාන අංගයක් වේ.
ලාංකීය ව්‍යවසායක ප්‍රජාව ජාත්‍යන්තර වෙළදාම පිළිබද මූලික ප්‍රවේශය වශයෙන් කලාපීය රටවල් අතර ද්වීපාර්ශවීය වෙළද කටයුතු පිළිබද පුහුණුවක් ලබාදීම සදහාපැවැත්වෙන මෙම "නිර්බාධා වෙළදාම පිළිබද වැඩමුළුව" අදියර 2 මෙම මස 11 වෙනිදා පෙ.ව. 9.00ට කොළඹ රේණුකා හෝටලයේදී ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලාංකීය ව්‍යවසායක ප්‍රජාව උදෙසා තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොල තුළ ස්ථාවර ඉඩක් නිර්මාණය කර ගැනීමේදී ඇති විය හැකි බාධාවන් සහ එවැනි බාධක ජයගෙන තම ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබද මෙහිදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිත වේ.
Video Story