March, 11, 2016
මෙරට දී පළමු වරට නින්ද ආශ්‍රිත ගැටළු රැසකට විසඳුම්
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වන Technomedics ශ්‍රී ලංකාවේ මුල් වරට නින්ද සම්බන්ධ තොරතුරු රැස්කිරීමට සහ නින්ද ආශ්‍රිත රෝගී තත්වයන් රැසකට විසඳුම් ලබාදීම සඳහා නව මධ්‍යස්ථානයක් විවෘත කරයි. DREAMS Sleep Centre ලෙස නම් කර ඇති මෙම මධ්‍යස්ථානය බත්තරමුල්ල , පන්නිපිටිය පාර අංක 1083 දරණ ස්ථානයේ පිහිටා ඇත. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ සෞඛ්‍ය සේවා සැපයුම් ආයතනයක් වන ResMed (www.resmed.com) හි තාක්ෂණික සහයෝගය සමඟ මෙම නව මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. ResMed වසර 25 කට අධික කාලයක් නින්ද සම්බන්ධ ගැටළුවලට විසඳුම් සපයන ජාත්‍යන්තර විශ්වාසය දිනූ ආයතනයකි.
මෙම DREAMS Sleep Centre සමාරම්භක අවස්ථාව පසුගියදා උත්සවාකරයෙන් පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ය.මෙම අවස්ථාවට ප්‍රවීන වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ නින්ද සම්බන්ධ තාක්ෂණ ශිල්පීන් සහ සෞඛ්‍ය වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.
නින්දේදී ඇතිවන ආබාධ රැසකට DREAMS Sleep Centre වෙතින් ප්‍රතිකාර ලබාගත හැකිය. විශේෂයෙන් නින්දෙන් ගෙරවීම , ඇප්නියාව සහ තවත් ආබාධ රැසකට මෙහිදී පළපුරුදු උපදේශකයින්ගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකි වේ.එමෙන්ම මෙම ආයතනය නින්ද සම්බන්ධ පර්යේෂණ මෙන්ම නින්ද පිළිබඳ දත්ත නිරීක්ෂණ කටයුතු ද සිදුකරයි.මේ සඳහා ලොව නවීන තාක්ෂණික උපකරණ සහ ක්‍රමවේද භාවිත කිරීමට DREAMS Sleep Centre කටයුතු කරයි.
Technomedics හි කළමණාකාර අධ්‍යක්ෂ සුජිත් සමරදිවාකර මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ “ගතවු වසර 20ක පමණ කාලයක සිට ශ්‍රී ලාංකිකයින් නින්ද සම්බන්ධයෙන් මුහුණ දී සිටින සෞඛ්‍යමය ගැටළු පිළිබඳව පුළුල් අවබෝධයක් තම සමාගම සතුවන බව සඳහන් කළේය.එමෙන්ම එම කාලය පුරා නවීන තාක්ෂණය යොදාගනිමින් එම ගැටළුවලට විසඳුම් ලබාදෙමින් ජීවිත රැසක් රැකගැනීමට හැකිවු බවද හෙතෙම පැවසීය.එම අත්දැකීම උපයෝගී කර ගනිමින් වඩා පුළුල් ලෙස එම සේවාව සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ලෙස DREAMS Sleep Centre හැඳින්විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.විශේෂයෙන් මෙහිදී ලොව පිළිගත් උසස් තත්වයෙන් යුතු නවීනතම උපකරණ සහ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයීමට තමන් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සංඛ්‍යා දත්ත වාර්තා අනුව මෙරට ජනගහනයෙන් 15%ක් නින්දේදී හුස්ම ගැනීමේ ආබාධයට ලක්ව සිටිති. මෙය ඇප්නියා තත්වයේ ප්‍රධානතම අවස්ථාව වන අතර ඒ හේතුවෙන් නින්දෙන් ගෙරවීම වැනි තත්වයන් මතුවෙයි.සෑම වැඩිහිටියන් 5 දෙනෙකුගෙන්ම එක් අයෙක් මෙම රෝගී තතවයට ගොදුරුව සිටින අතර,ඉන් සෑම 15 දෙනෙකුටම එක් අයෙක් එම රෝගී තත්වය උත්සන්න වීමෙන් අපහසුතාවට පත්ව සිටිති. මේ අතර 95% ක් දෙනා මෙම රෝගී තත්වයන් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කල් ගෙවති.
DREAMS Sleep Centre වෙතින් මෙම තත්වයන්ට විසඳුම් සහ ප්‍රතිකාර උපදේශන සේවා ලබාගත හැකි අතර, එම සේවා සැපයුමේ දී නිරතුරුවම වඩා උසස් සේවාවක් සැපයීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට Technomedics කටයුතු කර තිබේ.
නින්ද පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් මෙරට ආරම්භ වු මුල්ම අවස්ථාව මෙය වන අතර DREAMS Sleep information center ලෙස නම් කර ඇති එම මධ්‍යස්ථානයේදී නව නිපැයුම් දෙකක් හඳුන්වා දී තිබේ. Resmed CPAP සහ BIPAP නමින් මෙන්ම Devilbiss Oxygen Concentrator නමින් එම උපකරණ හඳුන්වා දී තිබේ.
Technomedics හි 20 වන සංවත්සරය ද මීට සමගාමීව යෙදී තිබේ. මෙරට ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා රැසකට විසඳුම් ඉදිරිපත් කරන Technomedics විසින් LUSH skin clinics ඇතුළු සෞඛ්‍ය සේවා මෙන්ම නිපැයුම් රැසක්ද වෙළඳ පලට හඳුන්වා දී තිබේ. කොළඹ, යාපනය, මඩකලපුව, මහනුවර සහ ගාල්ල ආදී වශයෙන් දිවයින පුරා සේවා පහක දී පැය 24 පුරා මෙන්ම සතියේ දින 7 පුරා Technomedics සේවා සපයයි.
Video Story