2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙල හි දී Rapid Adventures රනින් කිරුළු පළඳයි

    October, 23, 2023

    ත්‍රාසජනක සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනය ක් වන Rapid Adventures ආයතනය, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (South Asian Travel Awards 2023) "ප්‍රමුඛතම ගමනාන්ත ප්‍රවර්ධක" Leading Destination Promoter ලෙස රන් කිරුළු දැරීමට සමත් වුණ බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම සම්මාන ප්‍රදාන රාත්‍රීය ඔක්තෝම්බර් මස 10 වන දින, ඉන්දියාවේ ෂෙරටන් ග්‍රෑන්ඩ් බැංගලෝර් උත්සව ශාලා පරිශ්‍රයේ දී දකුණු ආසියාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයන් ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    වාර්ෂිකව සංවිධානය වන මෙම සම්මාන උළෙල (SATA) යනු, දකුණු ආසියාව තුල සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු, එම කර්මාන්තයේ උන්නතිය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන විශිෂ්ට සේවා සපයන්නන් හඳුනාගෙන ඔවුන් ඇගයීම ට සහ ප්‍රවර්ධනය ට සැකසුණු ගෞරවනීය වේදිකාවකි.

    අපක්ෂපාතී විනිශ්ච මන්ඩලයක් විසින් සුදුසුකම් ලාභී අපේක්ෂකයින් අතුරින් එක් එක් නිර්නායක යටතේ සූක්ෂම ව අධීක්ෂණය කරනු ලැබ මෙම ගෞරවනීය සම්මානය ලබාදීමට කටයුතු කරයි.

    Rapid adventures ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චතුරංග මදුරාවල මහතා සමඟ සදුන් රාජිත මහතා යන අය ආයතනය නියෝජනය කරමින් මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වූහ.

    සම්මානය ලබා ගැනීමෙන් පසු චතුරංග මදුරාවල මහතා සිය කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ රන් සම්මානය ක්‌ දිනා ගැනීම ඔවුන් ලද මහත් ගෞරවයක් බව ත් මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ, රැපිඩ් ඇඩ්වෙන්චර්ස් කණ්ඩායමේ නොසැලෙන උත්සාහයත් කැපවීමත‍් බව ත‍් ය.

    ගියවර සම්මාන උළෙලේදී ද "දකුණු ආසියාවේ ප්‍රමුඛතම වික්‍රමාන්විත සේවා සැපයුම්කරු" Leading Adventure Service Provider ලෙස අභිෂේක ලබමින් ලක් මාතාව බැබලවීමට සමත් වූයේ ද මොවුන් වීම විශේෂත්වය කි.

    එලෙස, සාඩම්බරයෙන් සංචාරක ක්ෂේත්‍රයේ තම ස්ථාවරය තහවුරු කරන Rapid Adventures ආයතනය, දෙස් විදෙස් ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම අවධානමෙහි තම ආත්මශක්තිය උරගාබැලීමට කැමති සංචාරකයින් ට ද වඩා සොඳුරු උද්යෝගිමත් අත්දැකීමක් ලබා ගැනීම සඳහා, තම සේවා සැපයීමට සැදී පැහැදී සිටි යි.

    Rapid Adventures ආයතනය සහ ඔවුන් පිරිනමන සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය, www.rapidadventures.lk වෙත පිවිසෙන්න. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ යූ ටියුබ් හරහා ඔවුන් අනුගමනය කිරීමෙන් ඔබට ඔවුන්ගේ නවතම වික්‍රමාන්විතයන් සහ පුවත් පිළිබඳව යාවත්කාලීනව සිටිය හැකිය.