දකුණු පළාත් පාසල් ක්‍රීඩා උළෙල CBL සමපෝෂ විසින් සවිබලගන්වයි

    October, 25, 2023

    CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුව කැපවෙන සන්නාමයකි. CBL පවත්වාගෙන යන සමපෝෂ 'දිනන දරුවෝ' වැඩසටහන CBL සමාජ සත්කාර පෙරදැරි කරගත් වැඩසටහන් මාලාවේ තවත් එක අදියරකි. මෙම වැඩසටහන යටතේ දරුවන්ගේ පෝෂණය පමණක් නොව අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, නිර්මාණශීලිත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දෙනු ලැබේ.

    සමපෝෂ සවිබල ගැන්වීමෙන් 2015 වසරේදී උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ ' සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ' මේ වන විට වයඹ, නැගෙනහිර, ඌව පමණක් නොව දකුණු පළාත ද ඇතුළුව පළාත් 5ක් සඳහා විහිදී ඇති අතර එමගින් පාසල් 1800 ක දූ දරුවන් 18,500 කට අධික ප්‍රමාණයකට තම ක්‍රීඩා කුසලතා තරග ඉසව් 70 කට අධික ප්‍රමාණයක් යටතේ ඉදිරිපත් කිරීමට අවකාශය ලැබේ.

    CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් අවසන් තරගාවලිය බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ විදුහල් ක්‍රීඩාංගනයේදී පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

    මෙම තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය මාතර කුමාරතුංග මුනිදාස මහා විද්‍යාලය විසින් දිනාගත් අතර සමස්ත බාලක ශූරතාවය මාතර රාහුල විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

    CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවියක් වීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා ශාරීරික සුවතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් දිනා දිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමයි.

    ජයාරූපය : දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ක්‍රිෂාන් දුමින්ද, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා, CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී සචී ප්‍රනාන්දු, CBL ආහාර අංශයේ අලෙවි කළමනාකරු වී.පී ගොවින්න, CBL ආහාර අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන සහ ක්‍රියාකාරකම් කළමනාකරු සිසිර ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ජයාරූපයේ සිටියි.