October, 25, 2023
ඇස් කණ්ණාඩි කාච සඳහා ලොව අංක එකේ සන්නාමය Essilor හී ශ්‍රී ලාංකිය අනුබද්ධිත ආයතනය වන Essilor Lanka ආයතනය සිය සේවා සහ නිෂ්පාදන ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් සතු නිෂ්පාදනාගාරය නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කරමින් නවීකරණය කර ආරම්භ කරන ලදී. සිය පාරිභෝගිකයන්ට උසස් තාක්ෂණයට අනුගත නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් Essilor Lanka ආයතනය මෙම සුවිසල් ආයෝජනය සිදු කළේය. මෙම නවීකරණය සිදුකිරීමත් සමඟ ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන්ට සමගාමීව සේවා සහ නිෂ්පාදනවල තත්ත්වය තව තවත් ඉහළ නැංවෙන අතර ශ්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්රයේ නිපැයුම් සීමා අභිබවා යමින් නව විශිෂ්ටතාවයක් සනිටුහන් කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
මීට සමගාමීව ශ්‍රී ලංකාව තුළ දශකයකට වඩා කාලයක් පුරා ලබාදුන් තම සේවා දායකත්වය සමරමින් Essilor Lanka විසින් නවීනතම Crizal Easy Pro කාච පරාසය සහ presbyopes සඳහා නව්‍ය තාක්ෂණික හඳුන්වාදීමක් වූ Varilux Comfort Max කාච පරාසය ද හඳුන්වාදෙනු ලැබීය. මෙම නවීනතම තාක්ෂණික හඳුන්වාදීම් දෙකත් සමග ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්වයේ ගුණාත්මක අක්ෂි විසඳුම් ලබාදීමට Essilor Lanka අපේක්ෂා කරයි.
EssilorLuxottica දකුණු ආසියාතික කලාපයේ ව්‍යාපාර ප්‍රධානි නරසිම්හන් නාරයන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.“පුරා දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිකයන්ට ඉතා උසස් අක්ෂි සෞඛ්‍ය විසඳුම් ලබාදෙමින් Essilor Lanka මෙතෙක් පැමිණි සාර්ථක ගමන්මඟ සැමරීමට ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව නිෂ්පාදනාගාරය නවීකරණය කිරීම සහ අදාළ වටිනා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් සිදුකළ මේ සුවිසල් ආයෝජනය හරහා පාරිභෝගිකයන්ගේ පෙනීම සුරක්ෂිත කරන උසස් තත්ත්වයේ නිරවද්‍ය නිපැයුම් ලබාදීම වෙනුවෙන් Essilor Lanka සිදුකරන කැපවීම අපට මනාව පිළිබිඹු වෙනවා.
”Essilor Lanka හී ව්‍යාපාර ප්‍රධානී රාධිකා ෆ්‍රැන්සිස් මෙසේ සිය අදහස් දැක්වීය,“නව්‍යකරණය වෙනුවෙන් අපේ තිබෙන අතිමහත් කැපවීම Essilor ආයතනයේ වර්ධනයට හේතුවන ප්‍රධානම සාධකයක්. ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය සේවාවේ නියුතු විශාල පිරිසක් නිර්දේශ කරන සහ ඔවුන්ගේ නිරන්තර ඇගයීමට ලක්වන ඇස් කණ්ණාඩි කාච නිෂ්පාදකයෙකු වීම අපට ආඩම්බරයක්. එමෙන්ම අක්ෂි සෞඛ්‍ය ගුණාත්මකව ඉහළ නැංවෙන නිවැරදි විසඳුම් ලබාදීම වෙනුවෙන් මෙතෙක් කළ කැපවීම ඉදිරියටත් පවත්වා ගෙන යන්න අපි කටයුතු කරනවා. අපේ නවීන තාක්ෂණික උපකරණ වලින් නවීකරණය වූ නිෂ්පාදනාගාරයත් උසස් තාක්ෂණයෙන් නිපදවන අක්ෂි කාචත් සමග ශ්‍රී ලාංකිකයන්ගේ දෘෂ්ටි දුබලතා මඟහරවා ඔවුන්ට ගුණාත්මක ජීවිතයක් ලබාදීම වෙනුවෙන් අපේ කැපවීම ඉදිරියටත් පවත්වා ගෙන යන්න අපි කටයුතු කරනවා.”
Essilor Lanka Private Limited (ELPL) ආයතනය Essilor India හී එකාබද්ධ ව්‍යාපාර ආයතනයක් වන අතර Essilor France හී අනුශාඛාවක් වෙයි. ශ්‍රී ලංකාව තුළ Varilux, Crizal, Crizal Prevencia,Transitions, Eyezen, Xperio, Airwear, සහ අනෙකුත් Essilor සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් ඇස් කණ්නාඩි කාච නිෂ්පාදකයා සහ බෙදාහරින්නා ලෙස ELPL කටයුතු කරයි. දිවයින පුරා පිහිටි සියලුම ප්‍රධාන අක්ෂි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සහ අක්ෂි ආරක්ෂණ සේවා සපයන්නන් වෙතින් Essilor නිෂ්පාදන ඔබට ලබාගත හැක.
1849 දී ප්‍රංශයේ පැරිස් නගරයේ කණ්නාඩි නිෂ්පාදකයෙකු ලෙස ආරම්භ කරන ලද Essilor සමූහය නව්‍ය ව්‍යාපාර සංකල්ප හා ආකෘති හරහා උසස් තත්ත්වයේ සේවා සහ නිපැයුම් ජනතාව අතරට ගෙන ගියේය. අදවන විට ලොවපුරා බිලියන 7.4ක් පමණ වන ජනතාවකට අක්ෂි සෞඛ්‍ය සේවා උපකරණ නිෂ්පාදනය කරන සුවිසල් ආයතනයක් වූ Essilor සමූහය රටවල් 70ක් පුරා තම මෙහෙයුම් කටයුතු සිදුකරන අතර සේවකයන් 67000ක් පමණ සේවය කරයි.
ඡායාරූප ශීර්ෂපාඨ - EssilorLuxottica දකුණු ආසියාතික කලාපයේ ව්‍යාපාර ප්‍රධානි නරසිම්හන් නාරයන් මහතා
Video Story