Daraz 11.11 වසරේ විශාලතම සේල් එක සමඟින් දැවැන්ත ඊ-වාණිජ්‍යය වර්ධනයකට සැරසෙයි

    October, 27, 2023

    ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ ප්‍රම්‍රඛතම අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz වසරේ විශාලතම සේල් එක 11.11 සමඟ මෙදා සැරේත් පැමිණ ඇත. ඇඳහිය නොහැකි වට්ටම්, ආකර්ෂණීය නව විශේෂාංග, හොඳම මිල ගණන් සමඟ අසමසම සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීමට මෙවර සූදානම් වන්නේ, වෙන කවරදාටත් වඩා  සුවිශේෂී වාසි රැසක් පිරිනමමින්ය.

    11.11 සේල්, Single's Day Sale ලෙස ද හැඳින්වේ. ගෝලීය සාප්පු සවාරි සිදුවීමක් ලෙස චීනයෙන් ආරම්භ වූ මෙය අද වන විට ශ්‍රී ලංකාව, නේපාලය, පකිස්ථානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි දකුණූ ආසියානු රටවල් ඇතුළුව ලෝකයේ අනෙකුත් රටවල ද අන්තර්ජාල සාප්පු සවාරිවල අනිවාර්ය අංගයක් බවට පත්ව තිබේ. මෙම වසරේ මෙගා අලෙවියේදී පාරිභෝගිකයන්ට ‌හොඳම තෝරාගැනීම් හා හොඳම මිල ගණන් ලබාදෙන අතරම විකුණුම්කරුවන්ට උපරිම විකුණුම් සමඟින් දිවයින පුරා සිටින නව පාරිභෝගික වෙළෙඳපොළක් වෙත ළඟාවීමට අවස්ථාව සලසා දෙයි.

    අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත මෙදා සැරේත් 11.11 ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වන්නෙමු. මෙම වසරේ වෙනදාටත් වඩා විශාල වට්ටම්, විවිධ වර්ගයේ නිෂ්පාදන, වෙළෙද නාම අප පිරිනැමීමට සූදානම්ය. අපගේ අරමුණ වන්නේ, පාරිභෝගිකයන්ට වැඩි ඉතිරියක් සමඟින් අපූරු සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමයි. මෙම වසරේ 11.11 සෑම ආකාරයකින්ම විශාල හා හොඳම ගනුදෙනු පිරිනමයි. ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය දියුණු වෙමින් පවතින අතර, 11.11 වැනි මෙගා සේල් ඊ - වාණිජ්‍යය ඉදිරියට ගෙනයාමටත්, ඊ- වාණිජ්‍යය තුළ පාරිභෝගිකයන් හා විකුණුම්කරුවන් ලෙස දිරිමත් කිරීමටත් සාර්ථක ක්‍රමයක් වන බව Daraz Sri Lankaහි කළමනාකාර අධ්‍යක්ෂ Bart van Djik පවසයි.

    ගැනුම්කරුවන් සඳහා 11.11 අසීමිත සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙයි. මෙහි වඩාත් කැපී පෙනෙන කරුණු වන්නේ 85%ක් දක්වා වට්ටම්, රු. 1399කට Daraz Any 3, නොමිලේ ඩිලිවරි, ප්‍රමුඛ පෙළේ සන්නාම 500කට වැඩි ප්‍රමාණයක් සමඟ හවුල්කාරිත්වය, සුපිරි Flash Sale හා පාරිභෝගිකයන්ට තවදුරටත් වටිනාකමක් පිරිනැමීම සඳහා bundled offers ආදිය ලබාදීමයි. Daraz වෙතින් One Rupee Game ආදිය නැවත ගෙනඒමෙන් සාප්පු සවාරි අත්දැකීම තවත් විශේෂ කරයි. රුපියල් එකකට සමාන Daraz Point එකකට iPhone 15 මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන අතර Daraz Candy මඟින් Daraz Gems දිනාගැනීමට අවස්ථාව ලබාදෙන්නේ ඉතිරි කිරීම් හා වටිනාකම් සේල් සමය තුළ  තවත් වැඩි කරමින්ය. 11.11 නිකුත් වන දින මධ්‍යම රාත්‍රියේ සජීවී මෙගා වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතයි. පාරිභෝගිකයන්ට හොඳම ගනුදෙනු හඳුන්වාදීම සඳහා  නිෂ්පාදන ප්‍රියතමයන් ලෙස විලාසිතා, රූපලාවණ්‍ය, ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතුළු බොහෝ දේ මෙහිදී ප්‍රදර්ශනය කරයි.

    11.11 විකුණුම්කරුවන් සඳහාත් වෙනස් අත්දැකීමක් තිළිණ කිරීමකි. ඔවුන්ගේ දැවැන්ත නිෂ්පාදන පාරිභෝගිකයන්ට ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳම අවස්ථාවයි.  11.11 සේල් සමඟින් තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන ඉඩකඩ හරහා විකුණුම්කරුවන්ට ඔවුන්ගේ පාරිභෝගික පදනම සැලකිය යුතු ලෙස පුළුල් කර ඔවුන්ගේ වෙළඳ නාමවල පැවැත්ම තහවුරු කරගත හැකි වේ. මෙම කාල සීමාව තුළ ඉල්ලුම සහ විකුණුම් ප්‍රමාණයේ වැඩිවීම විකුණුම්කරුවන්ට ආදායම ඉහළ නැංවීමට සහ ලාභය උපරිම කිරීමට අවස්ථාවක් ලබාදෙයි.

    “11.11 සඳහා සහභාගී වීම, අපගේ හවුල්කරුවන්ට හා වෙළෙදපොළ විකුණුම්කරුවන්ට ඊ- වාණිජ්‍යය වේදිකාව වෙත පිවිසීමට සහ Daraz වැනි වේදිකාවල අලෙවිකරණ විශේෂඥතාවය උපයෝගී කරගනිමින් ඔවුන්ගේ වෙළෙඳපොළට ගැළපෙන ආකෘති හැඩගස්වා ගැනීමට හැකියාව ලබාදෙයි. වඩාත් වැදගත්ම කරුණ නම්, 11.11 මඟින් ඔවුන්ගේ නිෂ්පාදන නියමිත වෙලාවට නිශ්චිත පාරිභෝගිකයන් පිරිසක් වෙත ළඟා වීම සහතික කිරීමයි. එය ඩිජිටල් වෙළෙඳපොළ තුළ තිරසාර වර්ධනයක් සහ සාර්ථකත්වයක් සඳහා අඩිතාලමක් සකසන අතරම ව්‍යාපාර නව මාවතකට ඔසවා තැබීමට සූදානම් වන පරිවර්තනීය විකුණුම් අත්දැකීමක්” යනුවෙන් Daraz Sri Lankaහි ප්‍රධාන වාණිජ නිලධාරී ඔෂාන් රණතුංග මහතා අදහස් දැක්වීය.

    Daraz 11.11 විවිධ ප්‍රමුඛතාවල වර්ධනය හා සමෘද්ධිය පෝෂණය කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා වේගවත් සේවයක් ඉටු කරයි. පාරිභෝගික වියදම් වැඩි වී විවිධ කර්මාන්ත හරහා ඉල්ලුම ඉහළ නැංවෙන අතර දේශීය ව්‍යාපාර සහ නිෂ්පාදකයින් සඳහා විකුණුම් වැඩි කරයි. මෙම දැවැන්ත සේල් එක හරහා නව ව්‍යවසායකයන් දිරිමත් වීම ද සිදු වේ. ආරම්භකයන්ට හා කුඩා ව්‍යවසායකයන්ට තරගකාරී වෙළෙඳපොළට පිවිසීමට මෙයින් අවස්ථාවක් ලැබේ. මීට අමතරව 11.11 හරහා වණිජ්‍යයේ ගෝලීය ප්‍රවණතා සමඟ සමපාත වෙමින් ඩිජිටල් සාක්ෂරතාවය හා ඊ- වාණිජ්‍යය අනුගත වීම ප්‍රවර්ධනය කරයි.  අන්තර්ජාල ගනුදෙනු වෙත මාරුවීම ආර්ථිකය නවීකරණය කරන අතර පුළුල් පරාසයක පාරිභෝගිකයන් වෙත නිෂ්පාදන ප්‍රවේශය පුළුල් කිරීමෙන් මූල්‍ය  ඇතුළත් කිරීමට දායක වේ.

    Daraz 11.11 මෙගා සේල් 2023 නොවැම්බර් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙන අතර 2023 නොවැම්බර් 17 වැනිදා දක්වා අත්විඳිය හැකියි. www.daraz.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ Daraz App එක ඩවුන්ලෝඩ් කරගෙන වසරේ විශාලතම සේල් එකේ සාප්පු සවාරි අත්දැකීම විඳින්න ඔබටත් එක්විය හැකියි.