25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා මහජන බැංකුවෙන් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක්

    October, 30, 2023

    ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය  දිරිමත් කිරීම සඳහා පැවැත්වෙන ' 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මෙවර මහජන බැංකුව ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ අත්වැල් බැඳගෙන ඇත. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා වෙත පසුගියදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී අනුග්‍රාහක චෙක්පත සංකේතාත්මකව  ප්‍රදානය කරන ලදී.

    ශ්‍රී ලංකාවේ අපනයනකරුවෙකුට ලැබියහැකි ඉහළම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල නොවැම්බර් 23 බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.

    මෙවර සම්මාන උළෙලේදී අතිගරු ජනාධිපති රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ 2021/22 හා 2022/23 මූල්‍ය වර්ෂයන් සඳහා සුවිශේෂී ප්‍ර‍ගතියක් පෙන්වූ හොදම අපනයනකරුවන් උදෙසා සමස්ත හා එක් එක් භාණ්ඩ හා සේවා අංශ සදහා සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි.

    මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙල 2023 හි සාර්තකත්වය උදෙසා මහංන බැංකුව මගින් ලබාදෙන මූල්‍ය අනුග්‍රාහකත්වය මෙන්ම ආයතනික සහයෝගය බෙහෙවින් උපකාර වන අතර එය ශ්‍රි ලංකාවේ අපනයන කර්මාන්තය නඟා සිටුවීම සඳහා වන මහජන පැංකුවේ නොමද කැපවීම මනාව පිළිබිඹු කරයි.

    25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ආයෝජන ප්‍රවර්ධන ගරු  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ උපදෙස් හා  මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.

    25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල’ සඳහා මහජන බැංකුවෙන් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක්