March, 14, 2016
නවලෝක ඇග්‍රිසමාගම, ඉන්දියාවේ සොනාලිකා කර්මාන්තශාලාවේ සංචාරයක නිරත වෙමින් බෙදාහැරීම්කරුවන්ගේ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කළේය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම නාමයක්වන සොනාලිකා ට්‍රැක්ටර් නිෂ්පාදනය කරන ඉන්ටර්නැෂනල් ට්‍රක්ටර්ස් සමාගමේ සංචාරයක නිරත වෙමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ බෙදාහැරීම්කරුවන් දස දෙනෙකු ඇගයීමට නවලෝක ඇග්‍රිසමාගම කටයුතු කළේය.
දින පහක් පුරා පැවති මෙම අධ්‍යාපනික චාරිකාව, කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා ට්‍රැක්ටර් පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සැසියකින් ද සමන්විත විය.
2014 වසරේදී ඇරඹි නවලෝක ඇග්‍රි සමාගම, කෘෂිකාර්මික මෙවලම් සහ උපාංග දැරිය හැකි මිලකට ජනතාව වෙත ලබා දෙමින් මෙරට කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කැප වෙයි.
ට්‍රැක්ටර්, ගොයම් මඩින උපකරණ, අත් ට්‍රැක්ටර, කුඩා අත් ට්‍රැක්ටර, එන්ජිමක් මගින් ක්‍රියාත්මක ඩීසල් සහ පෙට්‍රල් වතුර පොම්ප, ගොයම් කපන යන්ත්‍ර, ස්ප්‍රේයර් සහ මිස්ට් බ්ලෝවර්ස් ඇතුළු නිෂ්පාදන රැසකින් සොනාලිකා නිෂ්පාදන පෙළ සමන්විතය.
සොනාලිකා ට්‍රැක්ටර්ස් මෙරටට ගෙන්වා බෙදා හැරීමේ එකම බලයලත් සමාගම ලෙස නවලෝක ඇග්‍රිසමාගම, කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා අඛණ්ඩව කැප වෙයි.
සොනාලිකා 50 HP මාදිලිය ගොවි මහතුන්ට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දායාද කරමින් සොනාලිකා ට්‍රැක්ටර්වලින් උපරිම සේවයක් ලබා ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් හට මග පෙන්වීමට ද නවලෝක ඇග්‍රි සමාගම කටයුතු කරයි.
සොනාලිකා 50HP ට්‍රැක්ටර් ඉහල ඉන්ධන පිරිමැස්මකින් සහ අවම නඩත්තු අවශ්‍යතාවකින් යුතුවන අතර, නවලෝක ඇග්‍රිසමාගම එම ට්‍රැක්ටර් සඳහා අලෙවියෙන් පසු සේවාවන් තුනක් ලබා දීම ද විශේෂත්වයකි.
ගොවි ජනතාව සඳහා උසස් මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා තමන් දක්වන කැපවීමේ එක් අදියරක් ලෙස, නවලෝක ඇග්‍රිසමාගම මෙරට තුළ සේවා මධ්‍යස්ථාන තුනක් ස්ථාපනය කර ඇත. පොළොන්නරුව, පරන්තන් සහ වැල්ලවාය සේවා මධ්‍යස්ථාන තුළින් සිය ට්‍රැක්ටර්වලට අදාළ සියලුම සේවාවන් එකම වහලක් යටතේ ලබා ගැනීමේ පහසුව ට්‍රැක්ටර් හිමිකරුවන් හට හිමි වේ.
Video Story