November, 8, 2023
2023 ඔක්තෝබර් 08 වන දින යෙදුනු ජාතික විශ්‍රාම වැටුප් දිනට සමගාමීව NDB බැංකුව මඟින් විශ්‍රාම වැටුප් දින සැමරුම් උළෙලක් 2023 ඔක්තෝබර් 12 වන දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට කොලඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විශ්‍රාමික මහත්ම මහත්මීන් 200කට අධික ප්‍රමාණයක් සහභාගි විය.
තවද පැමිණි විශ්‍රාමික මහත්ම මහත්මීන් වෙනුවෙන් NDB බැංකුව මඟින් නොමිලේ වෛද්‍ය සායනයක්, වෛද්‍ය උපදෙස් වැඩසටහනක් හා මුල්‍ය කළමනාකරණය පිළිබඳ උපදේශන වැඩමුළුවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි ගණකාධිකාරීණී ඩි.එල්.අයි අනුත්තරා මෙනෙවිය, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදලේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සභාපති යු. එච් හේමපාල මහතා, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදලේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සභාපති බි.සි.පි පෙරේරා මහතා, NDB බැංකුව නියෝජනය කරමින් සහකාර උප සභාපති විකුණුම් - සමීර සෙනරත් මහතා, සහකාරක උප සභාපති පාරිභෝගික ණය - ඉන්දික තෙන්නකෝන් මහතා, සහකාර උප සභාපති කොළඹ ප්‍රාදේශීය කළමනාකරු හා නිෂ්පාදන අංශය - සිඩ්නි ඩවුන්වොල් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීණී පුද්ගලික මුල්‍ය විසදුම් - නදීකා ඩී අල්විස් මහත්මිය, කළමනාකරු විශ්‍රාම ණය විකුණුම් අංශය - විජය කුමාර මහතා ඇතුලු NDB බැංකුවේ නිලධාරීන් සහභාගී විය.
මෙම වෛද්‍ය සායනය සඳහා මෙල්ස්ටා ලැබෝරටරිස් පුද්ගලික සමාගම (Melsta Laboratories pvt ltd) අනුග්‍රහය දක්වන ලදී.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් NDB බැංකුව නියෝජනය කරමින් සහකාර උප සභාපති විකුණුම් - සමීර සෙනරත් මහතා, අද දවසේ NDB බැංකුව හුදු ව්‍යපාරික පරමාර්ථයෙන් තොරව රාජ්‍ය සේවයට උදාර සේවයක් ඉටුකල විශ්‍රාමික මහත්ම මහත්මීන් අගයනු වස් මෙම වැඩසටහන සංවිධානය කළබව ප්‍රකාශ කරන ලදී.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවයේ විශ්‍රාමික මහත්ම/ මහත්මීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් NDB බැංකුව "ආචාර" විශ්‍රාමික ණය පහසුකම් උපරිම රුපියල් මිලියන 4.5 දක්වා සහනදායි පොලී අනුපාතිකවලට යටත්ව ඇප රහිතව සපයනු ලැබේ. මෙමඟින් විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ආර්ථික සුබසාධනය වැඩිදියුණු කිරීම සහ විශ්‍රාමයෙන් පසු සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඔවුන් බලගැන්වීම සඳහා NDB බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වී තිබේ.
NDB බැංකුව විසින් සංවිධානය කරන ලද ජාතික විශ්‍රාම වැටුප් දින සැමරුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ අමිල දායකත්වය සැමරීම සඳහා විශ්‍රාමිකයින්, ප්‍රභූවරුන් සහ බැංකු නියෝජිතයින් එක්වූ අභිමානවත් උත්සවයක් විය. එය ජාතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ උදාර විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ඇඟයිම සහ ඔවුන්ට සහයෝගය දැක්වීමේ වැදගත්කම සිහිපත් කළ අගනා අවස්ථාවක් විය.

Video Story