JAT Holdings ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙයි

    March, 14, 2016

    ගෘහ භාණ්ඩ සහ දැව නිමා ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන JAT Holdings සමාගම, ලොව අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රිකට් තරගාවලි රැසක් සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කර ඇත. ඩුබායි සහ සාජාහි පැවති මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය, ඉන්දියා-ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සහ 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඒ අතරින් කැපී පෙනෙයි.

    ලොව පුරා මිලියන ගණනක් වූ ක්‍රීඩා ලෝලීන්ගේ නොමඳ ආදරයට ලක් වූ ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් තුළ සිය නාමය සනිටුහන් කිරීම තුළින් ගෝලීය වශයෙන් තමන් හිමිකර ගෙන ඇති ස්ථානය තවදුරටත් තහවුරුවනු ඇති බව සමාගමේ විශ්වාසයයි.

    "පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමටත්, බිම් මට්ටමින් දක්ෂ ක්‍රීඩකයන් ජාතික තලය දක්වා ඔසවා තැබීමටත් JAT සමාගම අඛණ්ඩව කැප වී තිබෙනවා. ජාත්‍යන්තර පිටිය තුළට පිවිසීම තුළින් ගෝලීය වෙළඳපලට පිවිසීමේ අවස්ථා තවදුරටත් පුළුල්වනු ඇති." JAT Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් JAT Holdings සමාගම අඛණ්ඩව තුන්වන වරටත් ශා. තෝමස් විද්‍යාලයීය සියලුම ක්‍රිකට් කණ්ඩායම් සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට කටයුතු කළේය. මේ අනුව ශා.තෝමස් විද්‍යාලය ක්‍රීඩා කරන දෙදින සහ තුන්දින ටෙස්ට් තරග මෙන්ම 2016 වසරේ එම විද්‍යාලයේ සියලු ම එක්දින තරග සඳහා JAT අනුග්‍රාහකත්වය හිමිවනු ඇත.

    මීට අමතරව, නව්‍යකරණ ගොඩනැගිලි සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය පාරිභෝගික ජනතාව වෙත දායාද කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන් වරලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ හරිත නාම තුනකින් පිදුම් ලැබීමට ද JAT Holdings සමාගම සමත් වූ අතර එලෙස හරිත නාම තුනකින් පිදුම් ලද මෙරට එකම සමාගම වන්නේ ද JAT සමාගමයි.

    1993 වසරේදී සිය නාමය වෙළඳපල තුළ සනිටුහන් කරමින් JAT සමාගම, එදා-මෙදා තුර මෙරට ගෘහභාණ්ඩ සහ දැවනිමා සම්ප්‍රදාය නැවුම් මගකට ගෙන එමින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ රැඳෙන්නට සමත්ව සිටී. ඉතාලියේ Sayerlack දැව නිමවුම් නිෂ්පාදන, එක්සත් රාජධානියේ අලංකරණ ඉමල්ෂන් සහ වෙදර්කොට් තීන්ත සහ ඇමරිකාවේ Herman Miller Seating වැනි ලොව කීර්තිමත් සන්නාම රැසක් නියෝජනය කරන JAT Holdings සමාගම, දියුණුවෙන් දියුණුව කරා ගමන් කරමින් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දහය අතර රැඳෙයි.