March, 16, 2016
රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී හා ප‍්‍රමුඛ සමාගමක් වන My Chemist සමූහයට අයත් ප‍්‍රමුඛතම සන්නාම ද්විත්වයක් වන 'Dermacolor' හා 'Basicare' අනුග‍්‍රාහක දායකත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංසදය (SLAHAB) මගින් සංවිධානය කළ SLAHAB ජාතික සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 28 වැනිදා ගලධාරී හෝටලයේදී පැවැත්වුණි.
අඛණ්ඩව වාර්ෂිකව සංවිධානය කෙරෙන SLAHAB ජාතික සම්මාන උළෙල මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සුවිශේෂී දක්ෂතා පිළිබිඹු කරන දැවැන්ත තරගාවලියකි. SLAHAB ජාතික සම්මාන උළෙලට මෙරට රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමුඛ පෙළේ ස්ථානයක් හිමිවන අතර ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් හා සමාන මට්ටමින් මෙය පැවැත්වෙයි.
මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේදී දිවයින පුරා විසිරී සිටින කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන් 100 කට අධික ප‍්‍රමාණයක් ජාත්‍යන්තර විනිසුරුවන් ඉදිරියේදී සිය දක්ෂතාවන් ඉදිරිපත් කළහ.
ජාත්‍යන්තර විධිවිධාන වලට අනුකූලව නිර්මාණය වී තිබෙන මෙම තරගාවලිය අංශ 13 ක් යටතේ පැවැත්වුණි. පිරිමි කොණ්ඩා සැකසුම, කාන්තා ටෙක්නිකලර්-ක‍්‍රියේටිව්, කාන්තා කොණ්ඩා මෝස්තර- Day Hair Style, පිරිමි කොණ්ඩා කැපීම, කාන්තා ටෙක්නිකලර්-Hair by Night, ෆැන්ටසි නිය අලංකරණය, මනාලියන්ගේ කොණ්ඩා මෝස්තර, කාන්තා සැන්ඳෑ කාලයට කොණ්ඩ මෝස්තර, මනාලියන්ගේ මේකප් ආදිය එවැනි තරග අංශ අතරට ඇතුළත් විය.
''දේශීය කේශාලංකරණ හා රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරතුරුව අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් පවත්වන SLAHAB හවුල්කාරීත්වය ඔස්සේ මේ උළෙලේ සම අනුග‍්‍රාහක ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම My Chemist සමූහයට හිමිවුණු මහත් ගෞරවයකි. මෙම තරගාවලියේදී මෙරට කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පෙන්නුම් කිරීමට හිමිවන අවස්ථාව ජාත්‍යන්තර මට්ටමේ තරගයක් ලබාදීමට ඔවුන්ට හිමිවන අත්වැලක් ලෙස හැඳින්විය හැකියි.'' SLAHAB ආරම්භක සභාපතිනි නයනා කරුණාරත්න මහත්මිය ප‍්‍රකාශ කළාය.
මෙහි දැක්වෙන්නේ මෙවර SLAHAB ජාතික සම්මාන උළෙලේ සුවිශේෂී ඡායාරූපමය අවස්ථාවන් කිහිපයකි.
Video Story