December, 12, 2023
එක්සත් රාජධානියේ ‘Global Brands’ සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය ඩිජිටල් බැංකු සන්නාමය ලෙස NDB බැංකුව ශේණිගත කර ඇත. එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ සන්නාමය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන හොඳම බැංකු සන්නාමය ලෙස ද NDB බැංකුව සම්මානයට පාත‍්‍ර විය.
විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන සමාගම්වල කාර්ය සාධනය ඇඟයීම සහ සම්මාන පිරිනැමීමේ අරමුණින් ‘Global Brands’ සම්මාන උළෙල ආරම්භ විය. මූල්‍ය, අධ්‍යාපනය, සත්කාරක සේවා, එදිනෙදා අවශ්‍යතා, මෝටර් රථ සහ තාක්ෂණය වැනි ක්ෂේත‍්‍රවලට අදාළ විශිෂ්ට සේවා සපයන්නන් ඇඟයීම මෙම සම්මාන උළෙලේ දී සිදු වේ. අද්විතීය සේවා සපයන සමාගම් හඳුනාගැනීම සහ ඒවා පිළිබඳ අනිකුත් පාර්ශවයන් දැනුම්වත් කිරීම ද අරමුණු කරගත් මෙම සම්මාන උළෙල එවැනි සමාගම්වලට ගෝලීය මට්ටමේ පිළිගැනීමක් දිනා දීමට කටයුතු කරයි.
ඩිජිටල් අවකාශය තුළ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් NDB බැංකුව එහි NEOS mobile app නිතිපතා යාවත්කාලීන කරන අතර, එමඟින් පුද්ගලිකකරණය සඳහා පාරිභෝගිකයන්ගෙන් ඇති ඉල්ලූම භාවිතයට පහසු ආකාරයෙන් සිය ඩිජිටල් වේදිකා යාවත්කාලීන කිරීමට බැංකුව සතු කැපවීම මැනවින් පිළිබිඹු වේ. තවදුරටත් NDB NEOS සේවාව පුළුල් කිරීමේ අරමුණින් 2020 අප්‍රේල් මාසයේ දී සිය NEOS අන්තර්ජාල බැංකුකරණ සේවාව හඳුන්වා දීමට භෘඊ බැංකුවට හැකියාව ලැබිණි. එය මේ වන විට භෘඊ බැංකුවේ සියලූම සේවාවන්ට ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ වේදිකාවක් ලෙස ඉමහත් ජනප‍්‍රියත්වයක් ලබා ඇත.
ක්ෂණික ප‍්‍රතිචාර කේතයක්ම (QR Code) මඟින් භාණ්ඩ මිල දී ගැනීමේ දී මුදල් ගෙවීම, බිල්පත් ගෙවීම, සහ තවත් ගනුදෙනු රැසක් සිදු කිරීමට ඉඩ සලසන ‘NEOS Pay’ හඳුන්වා දීමට ද, NDB බැංකුව මෑතකදී කටයුතු කළේය.‘Phygital Branches’ (ෆිජිටල් ශාඛා) ‘Cash Recycle Machines’ සහ 'Bank2U’ යන විශේෂාංග ‘NEOS’ යෙදවුම සහ මාර්ගගත බැංකුකරණ ක‍්‍රියාවලිය සමඟ සිය ඩිජිටල් අවකාශය වඩාත් පුළුල් කරගැනීමට NDB බැංකුවට හැකියාව ලැබී ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මෙහෙයුම් පුළුල් කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් මෙරට පළමු සහ එකම ව්‍යාපාරික බැංකුකරණ යෙදවුම වන “NEOSBIZ” හඳුන්වා දී තිබේ. එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයේ ගනුදෙනු කළමනාකරණය කරගැනීමේ සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබේ.
සිය ‘Banking on Women’ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ ක්ෂුද්‍ර මූල්‍ය වැනි විවිධ මුලපිරීම් හරහා කාන්තා ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා ද NDB බැංකුව අඛණ්ඩව කටයුතු කර ඇත. කාන්තා සවිබල ගැන්වීමට අදාළ ප‍්‍රමුඛතම මුලපිරීමක් වන 'NDB Araliya’ හුදු කාන්තා ඉතුරුම් ගිණුමක් ලෙස ක‍්‍රියා කිරීම වෙනුවට, ශක්තිය, ආරක්ෂාව සහ විශ්වාසය සමඟ සිය කුසලතා සහ දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට කාන්තාවන්ට දිරි දෙන අතර එමඟින් සිය අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට බොහෝ කාන්තාවන් සමත්ව තිබේ.
බොහෝ බැංකු සිය පාරිභෝගිකයන්ට නව තාක්ෂණය සහ ඩිජිටල් අවකාශයන් හඳුන්වා දීමත් සමඟ පසුගිය වසර කිහිපය තුළ මෙරට ඩිජිටල් බැංකුකරණ ක්ෂේත‍්‍රය අතිශයින් තරඟකාරී එකක් බවට පත්ව තිබේ. එවැනි තරඟකාරීත්වයක් මධ්‍යයේ වුවත් නැවත වරක් ඩිජිටල්කරණයේ ප‍්‍රමුඛයෙකු බවට පත් වීමට NDB බැංකුවට හැකි විය. පාරිභෝගිකයන් බැංකු සමඟ කටයුතු කරන ආකාරයේ සහ සන්නාමයන් වැළඳගැනීමේ වෙනස්කම් ගණනාවක් සිදු වෙමින් ඇති පසුබිමක නව්‍ය ඩිජිටල් බැංකුකරණ ක‍්‍රමවේදයන් සඳහා වන පැහැදිලි උපායමාර්ග අනුගමනය කරන NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකු සේවා සැපයුම්කරු බවට පත් වීම සඳහා වන ගමනේ තවදුරටත් ඉදිරියෙන්ම සිටී.
Video Story