January, 9, 2024
2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දමන ලද පහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ:
(i) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, නිකෝසියා.
(ii) ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.
(iii) ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය.
ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story