වසා දැමූ විදෙස් දූත මණ්ඩල කාර්යාල 3ක් යළි විවෘත කිරීමේ තීරණයක්

    January, 9, 2024

    2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දමන ලද පහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ:

    (i) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, නිකෝසියා.

    (ii) ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය.

    (iii) ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය.

    ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.