March, 25, 2016
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2015 මූල්‍ය වසර තුළදී සමාගමේ වර්ධනයට ඉහළ දායකත්වයක් දැක්වූවන් ඇගයීම සඳහා පසුගියදා පැවැත්වූ වර්ණවත් වාර්ෂික සම්මාන ප‍්‍රදාන රාත‍්‍රියේදී අතිවිශිෂ්ට කැපවීම සහ උත්සාහය තුළින් රැකියාවේ අද්විතීය සාර්ථකත්වයක් ළඟා කරගත් සාමාජිකයින්ට වාර්තාගත සම්මාන 492ක් පාත‍්‍ර කරන ලදී.
‘ජීවිත රක්ෂණයේ පුරෝගාමීන්’ වෙනුවෙන් උත්තමාචාර පිදීමක් ලෙස පැවැත්වුණු මෙම විනෝදාස්වාදයෙන් පිරිපුන් සම්මාන රාත‍්‍රිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර මෙහිදී ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ සමාගමේ අලෙවි කණ්ඩායම, විධායක නිළධාරීන්, ඒකක සහ ශාඛා ප‍්‍රධානීන් 250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට කුසලාන, විදේශ සංචාර, මුදල් ත්‍යාග සහ තරු පන්තියේ සති අන්ත නිවාඩු පැකේජ දිනා ගැනීමට සමත්වූයේ ඔවුන්ගේ තනි සහ කණ්ඩායම් කාර්ය සාධනය වෙනුවෙනි.
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසුවේ 2015 අභියෝග ජයගත් වසරක් ලෙස සැලකිය හැකි බවත් සමාගමේ ශක්තියෙහි නිදසුනක් ලෙස මෙම වසර ඉදිරිපත් කළ හැකි බවයි. සමාගම අත්පත් කරගැනීමට දැරූ උත්සාහයක් ඇතුළු සමහර අභියෝග විස්තර කරමින් ඔහු ‘‘අවසානයේදී සත්‍ය ජයගත්තා. අද සෙලින්කෝ ලයිෆ් සමාගම අන් කවරදාකටත් වඩා ශක්තිමත්ව නැගී තිබෙනවාල’’ යැයි ප‍්‍රකාශ කළේය.
‘‘ස්වාධීන ජීවිත රක්ෂණ සමාගමක් වූ පළමු වසරේ පැමිණි මෙවැනි අභියෝග ව්‍යාපාරික මූලධර්ම වෙත තිබෙන අපගේ දැඩි අවධානය බැහැර කිරීමට සමත් වුණේ නෑ. අපි 2015 වසර අවසන් කළේ පිට පිටම 12 වන වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳ පොළ ප‍්‍රමුඛයා බවට පත් වෙමිනි.’’ යනුවෙන් රෙන්ගනාදන් මහතා අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ ජීවිත රක්ෂණ ඔප්පු අලෙවිය වාර්තාගත අයුරින් වර්ධනය වී තිබුණත් තවමත් ජීවිත රක්ෂණ ඔප්පු වලින් 90% ක් පමණම අලෙවි කරන්නේ අලෙවි නියෝජිතයින් බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙලින්කෝ ලයිෆ් විසින් සිය අලෙවි බලකාය සඳහා නවතම ටැබ්ලට් පරිගණක, ජංගම පොයින්ට් ඔෆ් සේල් යන්ත‍්‍ර සහ ලැප්ටොප් පරිගණක ලබාදී තිබෙන්නේ ඔවුන් විසින් ලබාදෙන සේවාව සහ පාරිභෝගිකයින්ගේ පහසුව වැඩිකිරීම වෙනුවෙනි.
රෙන්ගනාදන් මහතා පෙන්වා දුන්නේ ස්ත‍්‍රී-පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් සිය සමාගම කදිම උදාහරණයක් බවත් මීට වසර 28 කට පෙර සමාගමේ මෙහෙයුම් කටයුතු අරඹන විට 99.1% ක්වූ පිරිමි අලෙවි නියෝජිතයින් ප‍්‍රතිශතය මේ වනවිට 52% ක් දක්වා පහත වැටී තිබෙන බවයි. මේ වනවිට, සමාගමේ අලෙවි බලකායේ කාන්තාවන්ට 48% ක නියෝජනයක් තිබෙන බව රෙන්ගනාදන් මහතා පැවසීය.
මෙවර සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා කීර්තිමත් ජාත්‍යන්තර රක්ෂණ වෘත්තිකයින් දෙදෙනෙකු සහභාගී වූ අතර කැතේ ලයිෆ් සමාගමේ ලියු මින්ග් ටා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනුත් ඇමරිකාවේ කළමනාකරණ උපදේශකයෙකු වන ඩග් ඇඩම්ස් මහතා ගෞරවාන්විත අමුත්තෙකු ලෙසිනුත් සහභාගී විය.
මෙවර සෙලින්කෝ ලයිෆ් වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන ජයග‍්‍රාහකයින් වූයේ- හොඳම ශාඛා ප‍්‍රධානී- පානදුර ශාඛාවේ එච්.එච්.යූ.එස්.සී. ප‍්‍රනාන්දු මහතා, හොඳම ඒකක ප‍්‍රධානී- කොළඹ උතුර 01 ශාඛාවේ කේ. සත්කුනසිවම් මහතා, සහ හොඳම අලෙවි උපදේශක- බම්බලපිටිය ශාඛාවේ ආර්.පී.ජී ද සිල්වා මහතාල යන අයයි.
මෙරට ඉතාමත් වටිනා සන්නාම නාමයක් ලෙස ස්වාධීන ඇගයීමට ලක්වූ සෙලින්කෝ ලයිෆ් 2004 වසරේ සිට මෙරට දිගු කාලීන රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ලෙස සිය තත්ත්වය පවත්වා ගැනීමට සමත්ව තිබේ. දේශීය ජීවිත රක්ෂණ සමාගම් අංශයේ විශාලතම ශාඛා ජාලය පවත්වාගෙන යන්නේ සෙලින්කෝ ලයිෆ් වන අතර ප‍්‍රජා සත්කාරක සේවා සහ වෙළෙඳ නාම ගොඩනැගීම සඳහා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැුසක ගරු බුහුමනට පාත‍්‍රවී තිබේ.
සෙලින්කෝ ලයිෆ්හි ප‍්‍රධාන සම්මාන ජයග‍්‍රාහකයින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආර්. රෙන්ගනාදන් මහතා (වමේ කෙළවරේම) සහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ලියු මින්ග් ටා (දකුණේ කෙළවරේම) මහතා සමග
Video Story