March, 28, 2016
ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රිත සේයාරු පොත් නිර්මාණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන ජෑම්ෆොටෝ විසින් ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කළ Collate 2016 මුද්‍රණ කර්මාන්ත ප්‍රදර්ශනය, සම්මන්ත්‍රණය සහ සම්මාන ප්‍රදානයේදී ‘හොඳම ඩිජිටල් මුද්‍රණ‘ සඳහා වූ රන් සම්මානය දිනාගැනීමට සමත්විය.
මීට වසර තුනකට පෙර අධි තාක්ෂණික H P Indigo ඩිජිටල් මුද්‍රණාලයක් භාවිතා කරමින් ලංකාවේ පළමු විශේෂඥ සේයාරු පොත් නිෂ්පාදකයා ලෙස දේශීය සේයාරු වෙළඳ පොළට නව මානයක් එක් කිරීමට සමත් වූ ජෑම්ෆොටෝ විසින් නිර්මාණය කළ සේයාරු පොතක් අගයමින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.
“අපි විසින් තරඟ කළ අංශයට ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රණය කළ පුළුල් පරාසයක නිෂ්පාදන ඇතුළත් වුණා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ජෑම්ෆොටෝ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා සඳහන් කළේය. “මේ නිසා, මෙම සම්මානය දිනාගැනීම පිළිබඳව අපි අතිශය ලෙස සතුටු වෙනවා. මෙය අපගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය සහ නිර්මාණශීලීත්වය මෙන්ම සමාගමේ අනාගත ධාරිතාවය පිළිබඳව හොඳ සහතිකයක්“.
පැපිරස් කෝපරේෂන් සමූහයේ සමාගමක් වන ජෑම්ෆොටෝ සතුව බම්බලපිටියේ පිහිටි වර්ග අඩි 4000 ක මුද්‍රණ ස්ථානය මගින් මංගල ඡායාරූප ශිල්පීන්ට, නිර්මාණ ශිල්පීන්ට, වැඩසටහන් සංවිධායකයින්ට සහ දැකුම්කළු ‘සේයාරූ පොත්‘ සකස්කර ගැනීමට අදහස් කරන ඕනෑම අයෙකුට අදාළ සේවා ලබාගත හැකිය.
ජෑම්ෆොටෝ තේමා පාඨය වන ‘සදාකාලික විචිත්‍ර කතාන්දර‘ යන්නෙන් ව්‍යාපාරය තුළින් සිදුකරන කටයුත්ත කදිමට නිර්වචනය වේ. වැදගත් අවස්ථාවන් සදාකාලික ලෙස සුරක්ෂිත කරමින් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිර්මාණය කරන ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත 5”x7” සිට 12”x17” දක්වා පරාසයක විහිදුණු විශේෂඥ කඩදාසි මාලාවකින් සුසැදි නිර්මාණශීලි ලෙස බැඳි, සුපිරි පිට කවර වලින් සමන්විත මෙම සේයාරූ පොත් සාම්ප්‍රදායික ඡායාරූප ඇල්බම් වලට වඩා ඉදිරියෙන් සිටී.
සමාගම විසින් මෙරට පළමු වරට අන්තර් ජාලය ඔස්සේ සේයාරූ පොත් නිර්මාණය කිරීමේ සේවාව දියත් කර තිඛෙන අතර www.jamphotobooks.com වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයින්ට අන්තර් ජාලය මගින් සිය සේයාරූ පොත් නිර්මාණය කිරීමටත් ඇනවුම් කිරීමටත් සමාගම විසින් අවස්ථාව උදාකර දී තිබේ.
Collate යනු ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ දින දර්ශනය තුළ ඉතාමත් වැදගත් වැඩසටහනකි. මෙය සෑම වසර දෙකකටම වරක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්ත කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන, ගුණාත්මක තත්ත්වය සහ කාර්ය සාධනය ප්‍රදර්ශනය කිරීමට මෙය කදිම අවස්ථාවකි. 2016 Collate ප්‍රදර්ශනය මාර්තු 18 වනදා සිට 20 වනදා දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වුණි.
පැපිරස් කෝපරේෂන් සමූහයට ජෑම්ෆොටෝ මෙන්ම මෙරට විශේෂ කඩදාසි වෙළඳපොළේ ප්‍රමුඛයා වන පැපිරස් පේපර්ස්, ඩිජිටල් ක්ෂණික මුද්‍රණයේ විශේෂඥ ප්‍රින්ට් පොයින්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ සමූහයේ දේපොළ කළමනාකරණ සමාගම වන අෂලින් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම අයත් වේ.
ජෑම්ෆොටෝ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා (දකුණේ සිට දෙවැන්නා) Collate 2016 හි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සිංගප්පූරුවේ සයිබර් සමාගම් සමූහයේ සභාපති හර්බට් චෙඔන්ග් මහතා අතින් සම්මානය ලබාගනී.
Video Story