ACL Cables වෙතින් අසමසම විදුලි පංකා පෙළක් වෙළෙඳපොළට

    March, 29, 2016

    මෙරට අංක 1 කේබල් නිෂ්පාදකයාවන ACL Cables සමාගම, අසමසම සිවිලිම් විදුලි පංකා මාදිලි පෙළක් පසුගියදා මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

    1962 වසරේ පටන් මෙරට කේබල් නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස සිය නාමය සනිටුහන් කළ ACL Cables සමාගම දිනෙන්-දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ඔබින ලෙස සිය නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව කැප වෙයි.

    විශිෂ්ඨ තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා සිය නිෂ්පාදන පෙළ ව්‍යාප්ත කිරීමේ අරමුණ පෙරදැරිව සමාගම මෙම නවතම සිවිලිම් විදුලි පංකා මාදිලිය වෙළඳපලට හඳුන්වා දුන්නේය.

    "ACL නාමය යටතේ තවත් නිෂ්පාදනයක් ජනතාව වෙත හඳුන්වා දීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් අප හිමිකර ගෙන ඇති විශ්වාසය මෙම නිෂ්පාදන පෙළ තුළින් තවදුරටත් තහවුරුවනු ඇතැයි අපගේ විශ්වාසයයි." ACL Cables සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා සඳහන් කළේය.

    පාරිභෝගිකයා හට උපරිම සුවපහසුව ලබා දීම මෙන්ම උපරිම බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු වීම ද මෙම විදුලි පංකාවේ ඇති විශේෂත්වයයි.
    ලෝහයමය තල සහ ඇලුමියම් තල ලෙස විදුලි පංකා මාදිලි දෙකකින් වෙළඳපලට නිකුත් වී ඇති අතර, ඒකාකාරී වායු ධාරාවක් ලබා දීම සඳහා මෙම මාදිලි දෙකම නිෂ්පාදනය කර ඇත.

    ලෝහමය තල සහිත විදුලි පංකාව වෙළඳපලේ ඇති අනෙකුත් විදුලි පංකා සමග සැසඳීමේදී ඉතාමත් තරගකාරී මිලකට මිලදී ගත හැකි අතර, ඇලුමිනියම් තල සහිත මාදිලිය මල බැඳීමෙන් තොරවන බැවින් වෙරළ ආශ්‍රිතව වාසය කරන පාරිභෝගිකයන් හට වඩාත් යෝග්‍ය වේ.

    ලොව දැනට පවතින ඉහල ම තාක්ෂණයෙන් සහ ප්‍රවණතාවෙන් යුතුව නිෂ්පාදනය කර ඇති ACL Cables විදුලි පංකා, කල්පැවැත්ම පිළිබඳ මනා තක්සේරුවකින් අනතුරුව වෙළඳපලට පිවිසෙයි. ACL නාමය යටතේ නිකුත්වන සෑම නිෂ්පාදනයක් ම ලොව පවතින ඉහලම තත්ත්ව පරීක්ෂාවන්ට අනුකූලව පාරිභෝගිකයා වෙත ළඟා වේ.

    ACL Cables කේබල් නිෂ්පාදන වෙළඳපල තුළ 70% කට අධික වෙළඳපල හිමිකාරීත්වයක් දරන අතර සමාගම් සමූහයක් ලෙස රු. බිලියන 14.5 ක ආදායමකට හිමිකම් කියයි.